මම පැරදුනේ ගණිතමය ප්‍රශ්නයකින් - සුනිල් හදුන්නෙත්ති
ඔබලා අපේක්ෂා කල මට්ටමට මෙවර මැතිවරණයේ දී විජයග්‍රහණය කරන්නට නොහැකි උනා. මොකද උනේ? ඇත්තටම මුකුත් වුනේ නැහැ, නමුත් ඉතින් බලාපොරොත්තු වූ ම...

https://www.sathhanda.com/2015/08/sunil-handunnetti_26.html
ඇත්තටම මුකුත් වුනේ නැහැ, නමුත් ඉතින් බලාපොරොත්තු වූ මට්ටමේ ජයග්‍රහණයක් ලබන්නට හැකියාවක් ලැබුනෙ නැහැ. මේක අපිට වගේම පොදුවේ හැම පක්ෂයකටම සිදුවුනු දෙයක්. එජාපය ආසන 113ක් බලාපොරොත්තු වුනා. සංධානයත් එහෙමයි. නමුත් ඔවුන්ටත් තමන් අරමුණු කරගත් ඉලක්ක වලට යන්න පුලුවන් උනේ නැහැනේ. නමුත් අපේ ඡන්ද ප්‍රමාණැය වැඩි වෙලා තියෙනවා.
ඒ වුනාට ඔබ වැනි පුද්ගලයින් පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුයි යන්න සමාජයේ බහුතරය පිලිගන්නවා. ඇයි එහෙනම් මෙහෙම හැලුනෙ?
අපිට කවදාවත් මනාප පොරයක් තිබුනෙ නැහැ. අපි මැතිවරණෑ ව්‍යාපාරය උනත් ගෙන ගියේ එක් පුද්ගලයෙක් අරබය නොවේ. අපි හැමෝටම පොදු වූ අයුරින් ප්‍රචාරණ කටයුතු කලා. මේ නිසා පුද්ගල මනාප සටනක් තිබුනෙ නැහැ. මෙවර බොහෝ අයට තිබුනු අදහසක් තමයි මහින්ද රාජපක්ෂ කියන චරිතය පරාජය කිරීම. ඔය කියන සාධකය මෙවර භීතිකාවක් බවට පත් වුනා. මොකද ඔහු නැවත එයි කියල බය වුනු පිරිසක් හිටියා. ඒක නිසා අපිට අකමැති උනත් මිනිස්සු මනපය එජාපයට ලබ දුන්නා.
ජවිපෙට බලාපොරොත්තු වුනු ආසන ගණණට යමට නොහැකි වුනත් මීට වඩා වැඩි ආසන ගණනක් හෝ ලබ ගන්න තිබුනා.මේකෙ තේරුම කොතනක හෝ වැරදි අඩුපාඩු සිදුවෙලා කියන එක නොවෙයි ද?
මෙහෙමයි. මෙතන ගණිතමය ප්‍රශ්ණයක් තියෙනවා. අපේ පවතින දේශපලන ක්‍රමය තුළ මන්ත්‍රීධූර ලැබීම හෝ නොලැබීම මේ කියන ගණිතමය සංකල්පයට කොටුවනවා. අපට වඩා අඩුවෙන් ඡන්ද ලබගත් අයට වැඩි ආසන සංඛ්‍යාවක් හිමි වෙල. ඒ වගේ ම අපට වඩා අඩුවෙන් මනාප ගත් සමහර පිරිස් අනෙක් පක්ෂ වල මන්ත්‍රීවරුන් වෙලා. මේක මේ ඡන්ද ක්‍රමයේ පවතින ගැටළුවක්. ඒත් අදටත් අප වෙනුවෙන් කම්පාවන ජනතාව වැඩි යි. අපට ඡන්දය ලබ නොදුන් අය පවා අද අපට කතා කරල දුක් වෙනවා. ඔවුන්ගේ කණගාටුව ප්‍රකශ කරනවා. මේ ප්‍රතිචාර තුළින් අපට අපට ජනතාව තුළ තිබුනු කැමැත්ත හඳුනාගන්න පුලුවන්. මහින්දයි මාවයි දෙන්නම දිනවන්න බෑනෙ.ඉතින් අපට කැමති වුනත් මිනිස්සු ඔහුව පරන්නන්න එජපෙට චන්දය දුන්නා. අප හැම වෙලේම දූෂණයට වංචාවට එරෙහිව හඬ නැගුවා. ඒබව ජනතාව දන්නවා. ඒම නිආ මම මගේ හෘදයාංගම ස්තූතිය ජනතාවට පුද කරනවා.
ජවිපෙ මැතිවරණැයට පෙර තමන්ගේ අපේක්ෂකයන් ගැන උදම් ඇනුවා නේද? ඉතින් ඔය කියන උගත් බුද්ධිමත් පිරිසට ඇයි මහින්ද භීතිකාව හෝ මෙරට තිබෙන අනික් දේශපලන මුහුණුවලට තරඟයක් දීමට නොහැකි උනේ. ?
මන්ත්‍රීධූර ගන්න බැරි උනාට ඡන්ද ලක්ෂ 2ක් වැඩි උනා. අපිත් එක්ක වෘත්තීයවේදීන් සංගම් මෙන්ම කලාකරුවන්, මාධ්‍යවේදීන් පවා අත්වැල් බැඳ ගනිමින් අපට ලොකු ශක්තියක් සැපයූවා. ඒ හැම දේම උන්නේ පිරිසිදු පාර්ලිමේන්තුවක් තුළ පිරිසිදු චරිත හදන්න. මෙම පරාජයේ මූලික මහ පොදු සාධකය බවට පත් වන්නේ මහින්ද භීතිකාව. ඒ පොදු සාධකය අනෙක් මනෝ භාවයන්ටත් බලපෑවා.
පසුගිය සමයේ කියැවුනා ජවිපෙ සමජවාදයෙන් ඈත්වෙලා ප්‍රජාතන්ත්‍රවාදී වෙලා කියලා. මේ වෙනස කුමන අකාරයක සිදුවීමක් ද?
ඇ: ඔය කියන විදිහට මහ ලොකුවට කිසිවක් වෙනස් වෙලා නැහැ. 1917 තිබුනු සමාජවාදී කෝණයෙන් බලද්දි එහෙම දෙයක් පේන්න පුලුවන්. නමුත් මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ නවීන සමජවාදී සමජයක් ඇතිවීමයි. අවසානයේදී සිදු විය යුත්තේ දූෂණයෙන් තොරව මෙරට ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වීම යි.
ඔය කියන වෙනස්කම් සමග 2020 දී ප්‍රබල විපක්ෂයක් බවට පත්වීමට ඔබල අදහස් කල. අද ඒ අපේක්ෂාව කොතනද තියෙන්නේ?
ඇ: අපට කිව්වෙ රතු අලි කියලානෙ. අද කොල අලි නිල් අලි හවුල් වෙලා. හැමදාම උනේ මිනිස්සු දුක් විඳින එක. පලකයො බලය බෙදා ගන්නවා. මෙතන බිහිවෙන්නෙ ජාතික අණ්ඩුවක් නොවෙයි හවුල් ආණ්ඩුවක්. ජාතික අණ්ඩුවක් නම් ජතික ප්‍රතිපත්ති තිබිය යුතු යි. මේක වසර 2 ක හවුල් වීමක්. ඔවුන් එක්ක හවුල් වෙලා අපට විපක්ෂයක් වෙන්න අවශ්‍ය නැහැ. ජනතාව මේව තේරුම් ගන්නවා. ඒක නිසා අපට අනාගතයේ දී ආණ්ඩු බලය පිහිටුවන්න පුලුවන්.
ඒ කියන්නේ ජවිපෙ කටවත් සහයෝගය දෙන්නේ නැහැ?
අප සහයෝගය දක්වන්නේ ජනතාවට පමණැයි. ජනතවාදී වැඩවලට අප සහයෝගය ලබා දුන්නා. ඒ බව පසුගිය දින 100 වැඩපිලිවෙලේදී පෙනුනා. ඒක පක්ෂ සමග එක් වීමක් නොවෙයි. අප ස්වාධීනව පර්ලිමේන්තුව නියෝජනය කරනවා.
අවසාන වශයෙන් මෙවර මැතිවරණය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? මැතිවරණය සාධරණ ද?
ඔව්. මින් පෙර මැතිවරණ ගැන අපට අත්දැකීම් තියෙනවා. සාධරණැ මැතිවරණැයක් පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමසාරිස්ට හා පොලීසියේ නිලධාරීන් ට ස්තූතිය පුද කරනවා.
Related