ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑ කල යුතුය - එම්.චාල්ස් (TNA)

“වසර 60ක කාලයක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සිදුකල පරිත්‍යාගයන් සහ ජීවිත පරිත්‍යාගයන් වලට සාධාරණයක් ඉටුකිරීම සහ ජාතික නායකතුමාගේ සිහිනය සැබෑ ...

“වසර 60ක කාලයක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සිදුකල පරිත්‍යාගයන් සහ ජීවිත පරිත්‍යාගයන් වලට සාධාරණයක් ඉටුකිරීම සහ ජාතික නායකතුමාගේ සිහිනය සැබෑ කිරීම සඳහා වන ගමන දෙමළ ජාතික සන්ධානය පමණක් ආරම්භ කරනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් අපේක්‍ෂක එම්.චාල්ස් ප්‍රකාශ කර ඇත.

යාපනය අර්ධද්වීපයේ මැතිවරණ කටයුතු වල තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අපගේ අයිතීන් සඳහා වන ගමනේදී, ජනතාව ලක්‍ෂ ගණනකගේ ජීවිත අප අහිමි කරගෙන ඇත්තෙමු. මහවිරුවන් 40,000 කට වැඩි පිරිසක් අහිමි කරගෙන ඇත්තෙමු. මෙම ගමනේදී, විශාල වශයෙන් බොහෝ පරිත්‍යාගයන් සහ ජීවිත හානි වලට මුහුණදී අප ගමන් කරමින් සිටින්නෙමු. අපගේ ජාතික නායකතුමාගේ සිහිනය සැබෑ කළ යුතුය. ඒ සඳහා අඛණ්ඩව කටයුතු කලයුතු වගකීම අපට ඇත. මෙවැනි පසුබිමකදී, අපව ව්‍යාකූල කිරීමටත්, දෙමළ ජනතාවගේ පරිත්‍යාගයන් සහ ජීවිත හානි පිළිබඳව ගණුදෙනු කතා කිරීමට ඇතැම් පුද්ගලයින් මෙහි පැමිණෙමින් සිටියි."යයි වැඩිදුරටත් සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6222614729880968994

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item