මහින්ද නොගැලපෙන මිනිස්සු එක්ක විවාද වලට නැ, ඕනේ නම් මම එන්නම්. ගම්මන්පිල චම්පිකට කියයි

LTTE සංවිධානයට මුදල් ලබාදීම ගැන විවාදයකට එන්නැයි තමන් පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාට අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් ...

මහින්ද එන්නේ නෑ - මම එන්නම් - ගම්මන්පිල පාඨලීට අභියෝග කරයිLTTE සංවිධානයට මුදල් ලබාදීම ගැන විවාදයකට එන්නැයි තමන් පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාට අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව පැවසීය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට 2006 වසරේදී රුපියල් ලක්ෂ 8000ක් ලබාදීම ගැන විවාදයකට එන්නැයි පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා පෙරේදා (09) මාධ්‍ය හමුවකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් කරන ලදී.

එම ප්‍රකාශය ගැන මාධ්‍යවේදියෙකු අද ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ගම්මන්පිල මහතා කියා සිටියේ අදාළ කාරණය ගැන රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෝලයින් සමග විවාද කිරීමට මහින්ද රාජපක්ෂ මහතා‍ එන්නේ නැති බවයි.

හැක නම් තමන් සමග විවාදයකට එන්නැයි ගම්මන්පිල මහතා චම්පික රණවක මහතාට එහිදී අභියෝග කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1889626021838262946

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item