රාජිත තර්ජනය කර පුතාට එරෙහි පෙත්සම ඉල්ලා අස්කරව ගනියි
රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් සේනාරත්න යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබු පෙත්සමක් ඉල්ලා අස්කරගෙන තිබේ.මෙයට හේතු වී තිබෙන...

https://www.sathhanda.com/2015/08/rajitha-son-eksath-senarathne.html
සිය දියණිය පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින බවට ගාමිනි රණසිංහ නමැත්තා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබු බව සඳහන්ය.
රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත් එක්සත් සේනාරත්න තම දියණිය පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට පෙත්සමෙන් සඳහන් කර ඇති පෙත්සම්කරු තම දියණිය අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.කෙසේවෙතත් අදාළ පෙත්සම අද කැඳවු අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දී සිටියේ අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙසයි.ඒ අනුව කොළඹ මහාධිකරණය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදී ඇත.
Related