රතු අලි පැටියාගේ සාක්ෂි පොලිසියට දෙන්න - ගම්මන්පිල

පසුගිය කාලයේ වසර 5ක් තිස්සේ රාජපක්ෂවරුන් හොරු යයි කියමින් චෝදනා කළ ආණ්ඩුවේ උදවිය හොරුන් අල්ලන්නට ඉල්ලුවේ දින 100 ක් පමණක් බව පිවිතුරු හෙළ...

පසුගිය කාලයේ වසර 5ක් තිස්සේ රාජපක්ෂවරුන් හොරු යයි කියමින් චෝදනා කළ ආණ්ඩුවේ උදවිය හොරුන් අල්ලන්නට ඉල්ලුවේ දින 100 ක් පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

දින 100 ට මාස 8ක කාලයක් ලබාදුන්නද මෙගා ඩීල් එකක් තබා සිඟිති ඩීල් එකක් වත් හෙළිදරව් කරගන්නට මේ අයට හැකි නොවුණු බව හෙතෙම කියා සිටියේ අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

හොරු ඇල්ලීම කෙසේ වෙතත් මේවන විට හොරු අල්ලන්න ආව අය කම්බ හොරු බවට පත්ව ඇති බව නම් පැහැදිලි බව ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

ඒ නිසා තවදුරටත් රාජපක්ෂවරුන්ට හොරු යයි චෝදනා කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින් 'මිනී මරුවන්" යයි චෝදනා කරන්නට පටන්ගෙන ඇති බවත්, රතු අලි පැටියෙකු බවට පත්ව ඇති ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා හිටපු රගර් ක්‍රීඩක තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂ පුතුන්ට චෝදනා කරමින් දේශපාලන වේදිකාවල කෑගසන බව ඔහු සිහිපත් කළේය.

අනුර කුමාර විසින් කළ යුත්තේ තමන් ළඟ මෙම මරණයට අදාළව සාක්ෂි ඇත්නම් ඒ පිළිබඳ වේදිකාවල කෑගසමින් යාම නොව එම සාක්ෂි පොලීසියට ඉදිරිපත් කිරීම බවත්, මිනීමරුමක් ගැන තොරතුරු වසන් කිරීම ද ලංකාවේ නීතිය අනුව වරදක් බවත් ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට පොලීසියට හා අධිකරණයට බාරදිය යුතුව ඇති බව හෙතෙම සඳහන් කළේය.

හොරා හොරා යයි රාජපක්ෂවරුන්ට එල්ල කරන චෝදනා ඔප්පු කරගන්නට බැරිව ගලේ පැහැරූ බළලෙකු මෙන් හැසිරෙන ආණ්ඩුවත්, ආණ්ඩුවේ හුරතලෙකු නැතිනම් වලිගය බවට පත්ව ඇති අනුර කුමාරලාත් ඒ චෝදනා වලංගු නැති නිසා මිනීමරුවන් බවට චෝදනා කරමින් යන බව ඔහු කියා සිටියේය.

ඡන්දයට සති දෙකක් පමණ තිබියදී මෙලෙස මිනීමරුවන් යන චෝදනාව කරළියට ගෙනවිත් දේශපාලන වාසි ලබාගැනීමට මානබලන බවත්, තාජුදීන්ගේ මරණය ගැන සොයන අනුර කුමාර විසින් රෝහණ විජේවීරගේ මරණය ගැන සොයන්නට උනන්දුවක් නැත්තේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 832359158230515469

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item