උතුර සම්බන්ධන්ට, නැගෙනහිර හකීම්ට දෙන්න රනිල් පොරොන්දු වෙලා - විමල් වීරවංශ
මෙවර මහා මැතිවරණය සඳහා එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන්a කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කරන ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ...

https://www.sathhanda.com/2015/08/wimal-weerawansa-interview.html?m=0
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුළඟවත් නැතිව දේශපාලනය කළ නොහැකි කණ්‌ඩායමක් මේ රටේ ඉන්නවා කියලා පසුගිය දිනවල ජවිපෙ නායකයා ප්‍රකාශ කළා. ඔබත් ඒ කණ්‌ඩායමේ අයෙක්‌ද? ඒ ගැන ඔබේ අදහස.
මහින්දගේ සුළඟ තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය නොවෙයි මෙතැන තියෙන්නේ. මේ අවස්‌ථාවේදී දිනාගත්තු මාතෘ භූමිය රැකගෙන ඉදිරියට ගෙනියන්න මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා ශක්‌තිමත් නායකයෙක් අද අප හමුවේ ඉන්නවද? ඉන්නව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මහින්දට වඩා රනිල් වික්‍රමසිංහ ඒ අතින් අපට සුදුසුද? රනිල් වික්‍රසිංහගෙන් රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ සහතිකයක් තියෙනවද? රටේ ඒකීයභාවය ආරක්‍ෂා වෙයි කියලා සහතිකයක් තිබෙනවාද? ඒ වගේම නැවත බෙදුම්වාදයට පණ නොලැබෙයි කියල සහතිකයක් තියෙනවද? එතකොට කොහොමද මේ රටේ ජනතාව රනිල් දේශපාලනික වශයෙන් තෝරා ගැනීමක් බවට පත්වෙන්නේ. රටේ ජනතාව යම් තෝරා ගැනීමක් සිදු කරනවා නම්, ඒක කරන්න වෙන්නේ, 2009 මැයි 18 වැනිදායින් පසුව මේ රටේ ගොඩනැගිච්ච සුරක්‍ෂිතභාවය, ඒකීයභාවය සහ සාමය ඒවගේම ඒ මත ගොඩනැඟෙන ආර්ථික වර්ධනය සාක්‍ෂාත් කරගත හැකි නායකත්වයක් තිබේ නම් පමණයි. අපට ඒ සඳහා මහින්ද හැරෙන්න ඒ සඳහා සුදුසු විකල්ප නායකත්වයක් නැහැ. ඒ නිසා අපි මේ දේශපාලන අරගලයේ යෙදෙනවා මිසක් සුළඟක් අවශ්‍යයි කියලා ප්‍රශ්නයක් නැහැ.
නමුත් ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔබ ඇතුළු කණ්‌ඩායමට තනියෙන් දේශපාලන ගමනක් යා නොහැකි බවයි.
ඕක පරණ ප්‍රශ්නයක්. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුණු ගමන් අනුර කුමාර දිසානායක ඉරිදා පත්‍රයකට ප්‍රකාශ කළා මහින්ද එන්නේ නැහැ, මහින්දට එන්නත් බැහැ කියලා. ඒ වගේම ජනාධිපතිවරණය පැරදිලා මම ඉරිදා පත්‍රයකට දුන් පළමු සාකච්ඡාවේදී කිව්වා අපි මහින්ද ගේනවා ඒ වගේම අපි මහා මැතිවරණයෙන් දිනවනවා කියලා.
අපට මේ පිළිබඳව නිශ්චිත දැක්‌මක් තිබුණා. මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්වුවත් ඒක සුවිශේෂී පරාජයක්. විශේෂයෙන් බහුතර සිංහල ජනසමාජය තුළ ඔහු පරාජිතයෙක් නොවෙයි. ඔහු පරාජිතයෙක් වුණේ සුළුතර ජන සමාජයේ ඇති බහුතරයක් තුළ. ඒ තත්ත්වය තුළ මහින්ද රාජපක්‍ෂගේ පරාජය පරාජයක් නොවන බව අප තේරුම් ගත්තා. නැවත එය ජයග්‍රහණය කරා මෙහෙයවාලිය හැකි තත්ත්වයක් තිබෙන බව අපි දැක්‌කා. එම තත්ත්වයට අනුව අපි දේශපාලන ක්‍රියාමාර්ග තේරුවා. අප තෝරපු තේරිල්ලෙන් රිදිච්ච අය තමයි නාහෙන් අඬන්නේ. අපි දේශපාලන වශයෙන් අනාථ වෙලා නැහැ. අපි හිටපු දේශපාලන ස්‌ථාවරයේම අදත් එලෙසම ඉන්නවා. මීට අවුරුදු දොළහකට කලින් හෝ ඊට එහාට ගිහිල්ලා පරික්‍ෂා කර බලන්න අපි නිවැරැදි ස්‌ථාවරයන්වල එදත් සිටියා. අදත් සිටිනවා. අපේ හතුරා එදයි අදයි කියලා වෙනස් වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහට දොන් ජුවන් ධර්මපාල පෙරියබණ්aඩාර කියපු සමහරකු අද ඔහු සමඟ යහපාලනය ගොඩනඟන්න කතා කරනවා. ඒ වගේ අපි දේශපාලනයෙන් වල්මත්වෙලා නැහැ. අපි රටට ජාතියට ඉදිරිපත් කළ දේශපාලන දර්ශනයක් තියෙනව නම් එම දර්ශනය තුළ සිටගෙන දේශපාලන ක්‍රියාමාර්ග තෝරල තියෙනවා.
පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කියනවා මහින්ද රාජපක්‍ෂ දිනන්නෙත් නැහැ. දිනුවත් අගමැතිකම දෙන්නෙත් නැහැ කියලා. විධායක ජනාධිපතිවරයා ලෙස එතුමාට එවැනි දෙයක් කළ හැකිද?
චන්ද්‍රිකා 2001 දී අගමැතිකම රනිල්ට දුන්නේ කැමැත්තෙන්ද? ඒ එදා රනිල් වික්‍රමසිංහ ව්‍යවස්‌ථාවෙන් තමන්ට අයිති නැති බලයකුත් භුක්‌ති වින්දනේ. ඔහුට සටන් විරාම ගිවිසුම ගහන්න බලයක් තිබුණේ නැහැනේ. ඒත් චන්ද්‍රිකාට නිකන් ඉන්න සිද්ධ වුණානේ. මොකක්‌ද එතැන තියෙන කතන්දරය. ඒ වෙලාවේ චන්ද්‍රිකා ශ්‍රීලනිපයේ නායිකාව. රනිල් එජාපයේ නායකයා. එහෙම තියෙද්දීත් රනිල්ට අගමැතිකම දෙන්න වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාට අමතරව ශ්‍රී ලනිපයේ සභාපති. ඒ වගේ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති. ව්‍යවස්‌ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා මැතිවරණයෙන් ජයග්‍රහණය කරන පක්‍ෂයේ බහුතරයේ කැමැත්ත තියෙන අය අගමැති වෙනවා කියලා. සන්ධානය ජයග්‍රහණය කළ විට අනිවාර්යයෙන්ම බහුතරයේ කැමැත්ත තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාටයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. එතැනදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තමන්ගේ කැමැත්ත අකමැත්ත අනුව තීරණ ගන්න බැහැ. එදා වගේ නෙමෙයි අද 19 වැනි සංශෝධන නිසා අග්‍රාමාත්‍ය ධුරය බලවත්. අග්‍රාමාත්‍ය ධුරය බලවත්ව තියෙන තත්ත්වයක්a යටතේ එය කොහෙත්ම කරන්න බැහැ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සිදුවෙලා තියෙනවා එතුමාව ජයග්‍රහණය කරවපු කණ්‌ඩායම්වල හිතසුව පිණිස යම් යම් ප්‍රකාශ කරන්න. එතුමා රාත්‍රියට නින්දට යනකොට හිතනවා ඇති එම ප්‍රකාශය නොකර සිටිය නම් කොච්චර හොඳද කියලා. එතුමා මොන ප්‍රකාශ කළත් ඒක අපට තේරෙනවා. ඔය කට්‌ටිය කිව්වනේ අපේක්‍ෂකකම ලැබෙන්නෙත් නැහැ කියලා. ඒකත් දුන්නනේ. ඒක දීලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියන්නේ කැමැත්තෙන් නොවෙයි දුන්නේ කියලා. ඒ වගේම අගමැතිකමත්a එහෙම වෙයි.
නමුත් පූර්වාදර්ශයක් තියෙනවානේ. සුළුතරයක් සිටියත් එජාප පක්‍ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ආණ්‌ඩුවේ අගමැතිකම ලැබුණා.
සන්ධානේ මන්ත්‍රීවරු ඒක ඉවසා දරාගෙන සිටි නිසානේ එහෙම වුණේ. ඊට පසුවැනිදා විශ්වාසභංගයක් දීලා රනිල්ව පරද්දවන්න තිබුණා. ඉදිරි මහා මැතිවරණයේ බහුතරයේ කැමැත්ත නොතකා වෙන කෙනෙක් අගමැති කළොත් බහුතරය එකතුවෙලා විශ්වාසභංගයක් ගෙනල්ලා පරද්දන එකනේ තියෙන්නේ. අනෙක් පැත්තෙන් එවැනි ව්‍යාකූල තත්ත්වයක් ඇති වුවහොත් මේ රටේ ජනතාව නිකන් ඉදියි කියලා ඔබ හිතනවාද? ඔය මන්දිර වටකරන්න ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් එදාට පාරට බහීවි. ඒක වළක්‌වන්න බැහැ. ඔය සියලු වගන්තිවලට වඩා වැදගත් මහජන බලය. එතැනින් තමයි එය තීරණය වන්නේ.
පසුගිය ජනාධිපතිවරණයේ සුළු ජාතීන්ගේ ඡන්ද පදනම ජනාධිපතිවරණයට සෘජු ලෙස බලපෑවා. විශේෂයෙන් විවිධ සේනා, බලවේග ක්‍රියාකාරීත්වය නිසා මුස්‌ලිම් ඡන්ද පදනම සන්ධානයෙන්a ගිලිහුණා. සුළු ජාතීන්ගේ ඡන්ද දිනා ගැනීමට සන්ධානයේ වැඩපිළිවෙළක් තියෙනවද?
ඔබ සඳහන් කළා වගේම යම් යම් සේනාවන්, ඒ වගේම අන්තවාදී බලවේග හලාල් සහතිකය පදනම් කරගෙන මුස්‌ලිම් සිංහල ගැටුමක් ඇති කළා. අදත් හලාල් සහතිකය තියෙනවා. දැන් ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි. එතකොට තිsබිච්ච හලාල්, දැනුත් තියෙන හලාල් පදනම් කරගෙන එදා ප්‍රශ්නයක් ඇති කර ගත්තා. කොටින්ම ප්‍රශ්නයක් නිර්මාණය කළා. පසුව එහි වගකීම ආණ්‌ඩුව පිට පටවලා මුස්‌ලිම් ජනතාවගෙන් 30% ක් ලැබුණු සන්ධාන ඡන්ද අහිමි කළා. එතැනදී ආණ්‌ඩුව කොයි පැත්ත ගත්තත් කුමන හෝ ජන සමාජයේ කොටසක් අහිමි වෙනවා. ඒ අන්තවාදී ප්‍රවාහය මර්දනය කිරීමට පියවර ගත්තා නම් සිංහල සමාජයේ කොටසක් ආණ්‌ඩුව සමඟ ගැටෙනවා. දෙපැත්ත කැපෙන ආයුධයක තත්ත්වයටයි එම උගුල ඇටෙව්වේ. ඔය සංවිධාන හැදෙන්න කලින්ම, හැදෙන කොටම මම මේ ගැන කිව්වා. නමුත් ආණ්‌ඩුවට පුළුවන්කමක් ලැබුණේ නැහැ ඒවා පාලනය කරගන්න. ඒ නිසයි ඔය කියන හානිය වුණේ. හැබැයි සුළු ජන කොටස්‌වල ඡන්ද ලබා ගැනීම සඳහා ඔවුන්ට වෙනම දේශපාලන අල්ලස් ලබාදීමේ ප්‍රතිපත්තියක් අපට නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් මුස්‌ලිම් කොංග්‍රසයට පොරොන්දු වෙලා තියෙනවා. ඔහු දිනුවොත් නැගෙනහිර පළාත් වෙනම මුස්‌ලිම් පරිපාලන දිස්‌ත්‍රික්‌කයක් දෙනවා කියලා. සම්බන්දන් මහත්තයට අනුව, රනිල් වික්‍රමසිංහ මහත්තයා ටී. එන්. ඒ. එකට පොරොන්දු වෙලා තියෙනවා ඔහු ජයග්‍රහණය කළොත් මෙම 18 වැනිදායින් පසුව මෙම වසර ඇතුළතම උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කරලා පූර්ණ ස්‌වයංපාලනයක් දෙනවා කියලා. මේකයි රනිල් වික්‍රමසිංහගේ ක්‍රමය. සුළු ජාතීන්ට අල්ලස් දෙමින් තමන්ගේ දේශපාලන බලය නිර්මාණය කරගන්න හදපු එක ඔවුන්ගේ වැඩක්. අපට බැහැ ඒක කරන්න. හැබැයි අප හිතනවා සාධාරණ ලෙස කල්පනා කරලා සුළු ජාතික ඡන්දදායකයා මෙම ක්‍රමන්ත්‍රණය තේරුම් අරන්, රටේ සුරක්‍ෂිතතාව හා රැකවරණය ලැබෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බව පිළිsඅරන් මෙවර ගියවරට වඩා ඔවුන් අප සමඟ එකතුවේවි කියලා.
වෙනස කියලා ඇතිවුණු අලුත් තත්ත්වය දැක ගන්න ආසාව නිසා තරුණ පරම්පරාවෙන් සැලකිය යුතු පිරිසක් ඒකට ඇදුණා. නමුත් ඔවුන් පසුගිය මාස අටේ දැක්‌කා මේ වෙනස මොකක්‌ද කියලා. හොඳ වෙනසක් ද වුණේ. ඔවුන් බලාපොරොත්තු වුණේ නැහැ උතුරෙ පලාලි අධි ආරක්‍ෂිත කලාපයෙන් අක්‌කර දාහක් ගලවයි කියලා. ඔවුන් සාම්පූර්වල නාවික හමුදා කඳවුර ගලවල වෙනස් කරන එක බලාපොරොත්තු වුණේ නැහැ. ඔවුන් උතුරු මුහුදේ නාවික හමුදා ආරක්‍ෂාව ඉවත් කරයි කියල බලාපොරොත්තු වුණේ නැහැ. උතුරේ පොලිසිවලට ගල්ගහන තත්ත්වයක් ඔවුන් බලාපොරොත්තු වුණේ නැහැ. මීට අවුරුදු හයකට පෙර දෙමළ ජාතිවාදී බෙදුම්වාදයේ ත්‍රස්‌තවාදී ස්‌වරූපය සන්ධාන රජය පරාජය කළා. එය නැවත අවුරුදු හයකට පසුව දේශපාලන ස්‌වරූපයෙන් ජයගන්න වාතාවරණයක් මේ රටේ ඇතිවේවි කියලා ඔවුන් බලපොරොත්තු වුණේ නැහැ. තරුණ පරම්පරාව මෙම තත්ත්වය දැන් තේරුම් අරන් ඉන්නේ. අනෙක් පැත්තෙන් රට බේරාගත් නායකයාට හොරා කියද්දී, වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මැතිතුමා කියනවා. මේ රටේ තරුණ පරම්පරාව මෙම තත්ත්වය තේරෙනවා. ඔවුන්ව නොමග යෑවූ බව දන්නවා. මේ රටේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කරපු රැකියා ලක්‍ෂ 20 ක් නැතිවෙලා. ඔවුන් දන්නව වෙනස කියලා වුණේ විනාශය කියලා. යහපාලන ආණ්‌ඩුව හොරු හොරු කියලා සන්ධානයට චෝදනා කළා. නමුත් දැන් බලන්න මහ බැංකුවේ සිදුවූ මහ බැදුම්කර වංචාව. අපේ කාලයේ පටන් ගන්න සූදානම් කළ උතුරු අධිවේගී මාර්ගය මධ්‍යම අධිවේගී මාර්ගය කියලා නම් කරලා බිලියන 30 කට වඩා මුදලක් හොරා කාලා තියෙනවා. මේ හොරාකෑම් ගැන දන්න තරුණ පරම්පරාව දැන් තේරුම් අරන් තියෙනවා වෙනසක් කියලා සිදුවුණේ විනාශයක් කියලා. නැවත මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය රටට අවශ්‍යයි කියල ඔවුන් තේරුම් අරන් තියෙනවා. මෙහෙම ගියොත් මේ රට බලපෑම්වලට යටවෙනවා. බටහිරට ඉන්දියාවට ඕනෑ විදිහට නැටවෙන තිප්පලක් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරලා තියෙනවා සීපා ගිවිසුම තමන් බලයට ආවම අත්සන් කරනවා කියලා. සීපා ගිවිසුම අත්සන් කරනවා කියන්නේ මේ රටේ රැකියා වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම ඉන්දියානුවන් ගිල ගැනීමයි. ඒ අතරේ ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි එකතුකරලා පාලමක් හදන්න යනවා. මේ දෙකම කළොත් වැඩි කලක්a යන්න කලින් අපේ රට ඉන්දියාවේ කොලනියක් වෙනවා. අපේ රටේ තරුණ පරම්පරාව මේ ගැන අවධානයෙන් ඉන්නවා කියලා අප විශ්වාස කරනවා. වාණිජ මණ්‌ඩල රැස්‌වීමේදී රනිල් කියනවා මේ රටේ ව්‍යාපාරවලට අවශ්‍ය සියලු දේවල් බදු රහිතව පිටරටින් ගේන්න දෙනවා කියලා.
එතකොට මේ රටේ කර්මාන්තවලට මොනවද වෙන්නේ. මේවා අද අපේ රටේ තරුණ පරම්පරාවට සංවේදී ප්‍රශ්න. වික්‍රමසිංහ මහතාගේ පච ටොන් එකට ගිය පාර තරුණයෝ අහුවුණාට මේ සැරේ අහුවෙන්නේ නැහැ.
මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ගැන විපක්‍ෂයෙන් මහා හඬක් නැඟෙනවා. මෙය දේශපාලන වාසි ගන්න කියන කතාවක් පමණක්‌ද? සන්ධාන බලයට පත්වුණොත් මෙම සිද්ධිය ගැන පූර්ණ පරීක්‍ෂණයක් පවත්වනවාද?
බැදුම්කර සිද්ධිය පමණක් නොවෙයි පසුගියමාස අට තුළ විශාල හොරකම් ප්‍රමාණයක් සිද්ධ වුණා. නමුත් සාකච්ඡාවට භාජනය වූයේ දෙකයි තුනයි. රේගුවෙන් බදු මුදල් නොගෙවා කරුංකා කන්ටේනර් නිදහස් කරගත්තා. මේ පීඩනය දරා ගන්න බැරිව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඉල්ලා අස්‌වෙන්න වුණා. තවත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් රේගු ගාස්‌තු නොමැතිව තඹ කන්ටේනර් නිදහස්a කරගන්න බලපෑම් කළා. තවත් එක්‌තරා අමාත්‍යවරයෙක් විශේෂිත පුද්ගලයන්ට පමණක් දෙන තීරුබදු රහිත මෝටර් රථ ගෙන්වීමේ බලපත්‍ර කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයන්ට ලක්‍ෂ පහට දහයට අටට අලෙවි කරලා තියෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාවක් විතරක් නොවේ. මේ වගේ හොරකම් කන්දක් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මේ අය මුල්ගල තිබ්බා. මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු අධිවේගී මාර්ගය ලෙසට මෙම මාර්ගයේ මුල්ගල තියලයි තිබුණේ. මේකෙ නම වෙනස් කළා. මංතීරු ගාන අඩු කළා. කොන්ක්‍රීට් පාලමේ ප්‍රමාණය අඩු කළා. අඩු කරලා මේ අය පටන් ගත්තා. හැබැයි කොහොමද වියදම. එක කිලෝ මීටරයකට බිලියන 4.8 ක්. මෙම ව්‍යාපෘතියෙන් බිලියන 30 ක් හොරා කාලා තියෙනවා. බිලියන 110 කට 120 කට කළ හැකි ව්‍යාපෘතියක් බිලියන 150 කට කරන්නේ. ඡන්ද කටේ මෙම ව්‍යාපෘතියට මුල්ගල තියලා බිලියන 30 ක් හොරා කෑවා. අනෙක මෙම ව්‍යාපෘතියට චීනයේ එක්‌සීන් බැංකුවෙන් ණය දෙන එක අනුමත වෙලාවත් නැහැ. මේවා මහා දවල් වෙච්චි හොරකම්. මේ සියල්ල ගැන අපි හොයනවා පමණක් නොවෙයි වගකිව යුතු සියලුදෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ දවස්‌වල රජයේ ගිණුම්වලින් ලක්‍ෂ ගණන් බෙදනවා. මේ සියල්ලටම ඒ අයට උත්තර දෙන්න වේවි.
දෙමළ ජාතික සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට ඇවිත් තියෙනවා. ඔවුන් පැහැදිලිව ම ස්‌වයංපාලනයක්, ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලනවා. අපේ රටේ අනාගතයට ඔවුන්ගේ මේ ඉල්ලීම් මොන ආකාරයේ බලපෑමක් එල්ල කරයි කියා ඔබ හිතනවද?
මෙතැන ප්‍රධාන වෙනස්‌කම් 3 ක් තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණය තමන්ට නැටවිය හැකි ආණ්‌ඩුවක් හදන්න බලනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරගෙන ඔවුන්ගේ න්‍යාය පත්‍රයට නැටවිය හැකි ආණ්‌ඩුවක් ඇති කර ගැනීම. එමගින් පළමු කොට උතුර නැගෙනහිර ඒකාබද්ධ කර ගැනීමත්, දෙවනුව උතුරු නැගෙනහිර පළාත් සභාවන් එක් පළාත් සභාවක් ලෙස ක්‍රියාත්මක කිරීම්, ඔවුන්ගේ අරමුණයි. ඒ අනුව ඉඩම්, මුදල්, පොලිස් ප්‍රඥප්තිය සම්මත කර ගෙන ඉඩම්, මුදල්, පොලිස් මූල්‍ය බලය ලබා ගැනීමටද ක්‍රියා කරනවා. ඊට අමතරව කොළඹ ආණ්‌ඩුව සහ උතුරු නැගෙනහිර පළාත් සභාව අතර විවිධ ගැටුම් ඇතිවෙන තත්ත්වයක් නිර්මාණය කරගැනීමත් එකී න්‍යාය පත්‍රයේ තවත් අංගයක්.
දෙවැනි අරමුණ, මීට සමගාමීව යුද්ධය අවසානයේදී සමූහ ඝාතනයක් සිදුවූවා යෑයි කියන පට්‌ටපල් බොරුව මෙවර මානව හිමිකම් කොමිසමේ සත්‍යයක් ලෙස පිළිගැනීමට කටයුතු කිරීමයි. එසේ පිළිගෙන සිවිල් පුද්ගලයන් දෙදෙනකු සහ හමුදා නිලධාරීන් හතළිස් එක් දෙනකු එනම් හතළිස් තුන්දෙනකු මෙම සමූහ මිනිස් ඝාතනය චෝදනාවන්ට වැරදිකරුවන් හැටියට නම් කරලා වාර්තාවක් නිකුත් කිරීම ඊළඟ පියවරයි.
යම්කිසි ජාතියක් නිල හමුදාවන්ගෙන් සමූහ මිනිස් ඝාතනයකට ගොදුරු වෙලා තියෙනවා නම් ඒ ජාතියට ස්‌වාභාවික අයිතියක් එනවා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලන්න තමන්ට වෙනම මූලික දේශයක වෙනම රාජ්‍යයක් ලෙස ක්‍රියා කරන්න අයිතිය දෙන්න කියලා ඉල්ලන්න.මෙම මේ ඉල්ලීම එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයට යන තැනට මෙම ප්‍රවණතාවය දික්‌ගස්‌සනවා. අපිට අවුරුදු දෙසීයකට සෑහෙන ස්‌වාභාවික වායු සම්පත් ඇති කාවේලි ද්‍රෝණියේ ස්‌වාභාවික වායු නිධිය තියෙන ප්‍රදේශය සහ මන්නාරම් ප්‍රදේශයේ ස්‌වාභාවික වායු නිධිය ප්‍රදේශය අයත් වන අයුරින් මහ මුහුදෙන් 2/3 ක් සහිත සිතියමට වෙනම පළාත් ආණ්‌ඩුවක තත්ත්වය හදාගෙන, ඊට පසුව එය වෙනම රාජ්‍යයක් බවට පෙරළාගැනීමට ජාත්‍යන්තර කරළියේ සිදුවන අරගලය හරහා ඔවුන් ක්‍රියා කරනවා. මේක තමයි දෙවැනි ඊළාම් අරගලයේ නවතම ස්‌වරූපය. ඒක අපි තේරුම් අරගෙන ක්‍රියාත්මක නොවුණොත් ඉතා විශාල පරාජයකට ජාතිය ඇදගෙන වැටෙනවා. රනිල් වික්‍රමසිංහ ආවොත් මෙම සැලැස්‌ම ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. වළක්‌වන්න නම් මහින්දව දිනවන්න ඕනෙ. අගමැති කරවන්න ඕනේ. මෙම 17 වැනිදා මේ රටේ ජනතාව එය නොකළොත් එය මේ රටේ සිදුවන විශාල ෙ€දවාචකය වෙනවා. විශාලතම වරද්දවා ගැනීම බවට පත් වෙනවා.
මෙවර මහා මැතිවරණයේදී කිසිම පක්‍ෂයකට බහුතරයක් ගන්න බැහැ කියන කතාව මේ මොහොතේ දේශපාලන කරලියේ පවතින මතයක්. ඒ ගැන ඔබේ තක්‌සේරුව..
ලක්‍ෂ 58 ක් හම්බ වුණත් අපිට ආසන 110 ක් තියෙනවා. එදා අප බදුල්ල ඇතුළු දිස්‌ත්‍රික්‌ක කීපයක් පැරදුනේ සුළු ඡන්ද කීපයකින් මෙවර ජනතා විමුක්‌ති පෙරමුණ සහ ෆෙdන්සේකා වෙනම ඡන්දය ඉල්ලනවා. ඔවුන් තමන්ගේ ඡන්ද කුට්‌ටිය කඩා ගන්නවා. ඒ නිසා එතැනින්ම ඡන්ද පරතරය අඩුවෙනවා. අනෙක් අතට අපේ ඡන්දදායකයාගේ උෙද්‍යාaගයේ කිසිම වෙනස්‌වීමක් සිදුවෙලා නැහැ. මුළු දිවයින පුරාම බැලූ විට ආණ්‌ඩු බලය තියෙන රනිල්ගේ රැස්‌වීම්වලට සෙනඟ නැහැ. අපේ රැස්‌වීම්වලට ඕනතරම් ජනතාව ඇදෙනවා. මිනිස්‌සු ඉන්නේ උෙද්‍යාaගයෙන්. ජනවාරි 8 වැනිදා වූ වැරැද්ද නිවැරැදි කරන්න ඔවුන් බලා සිටිනවා.
ලක්‍ෂ 58 ලැබුණත් අපට මන්ත්‍රී ධුර 110 ක් ලැබෙන අවස්‌ථාවක, අලුතින් දිස්‌ත්‍රික්‌ක කීපයක් දිනා ගැනීමට අවස්‌ථාව ලැබී තිබෙන මොහොතක, හංසයාට කතිරය ගහලා කලකිරිලා සිටින පිරිස සන්ධානයට ඡන්දය ලබා දෙන්න සූදානම් වෙලා ඉන්න අවස්‌ථාවක කවුරු හරි හිතනවා නම් අපට ආසන 113 ට එහා සංඛ්‍යාවක් ගන්න බැහැ කියලා එය මිත්‍යාවක්.
සාකච්ඡා කළේ - වසන්ත ලියනගේ
Related