විපක්ෂ නායක පත් කළ යුත්තේ ජනාධිපති නොවේ - විමල් වීරවංශ
විපක්ෂයේ අසුන් ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සෙසු මන්ත්‍රීවරුන් ගේ බහුතර කැමැත්තෙන් විපක්ෂ නායකයා තෝරාගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ න...

https://www.sathhanda.com/2015/08/wimal-weerawansa_30.html
ඔහු එබව කියා සිටියේ 'බීබීසී සංදේශය' සමග සංවාදයකට එක්වෙමිනි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණට මන්ත්‍රී ධුර පහක් ලබා ගත හැකිවී තිබේ.
ඒකාධිපතිබව අභිභවා :
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ කටයුතු මෙහෙයවීමේ දී ඒකාධිපතිබව අභිභවා කටයුතු කරන බව විමල් වීරවංශ ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ කටයුතු මෙහෙයවීමේ දී ඒකාධිපතිබව අභිභවා කටයුතු කරන බව විමල් වීරවංශ ප්‍රකාශ කළේය.
“පිළිකුල් කටයුතු විගඩම තමයි, රටේ ජනාධිපතිවරයා විසින් අගමැතිත් තෝරාපත් කරනවා,කැබිනට් මණ්ඩලයත් පත් කරනවා, විපක්ෂ නායකත් තෝරාපත් කරනවා,විපක්ෂ සංවිධායකත් පත් කරනවා....ලංකාවේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය මරා දැමෙමින් තිබෙනවා” යැයි විමල් වීරවංශ කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හට විපක්ෂයේ වාඩිවීමට අවසර දීම ප්‍රමාණවත් නොවන අතර ඔවුන්ගේ අත පය බැඳ දමන්නේ නැතිව සැබෑ විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව විමල් වීරවංශ පෙන්වා දෙන්නේය.
දෙමළ ජාතික සන්ධානය:
පාර්ලිමේන්තුවේ ආසන දාසයක් හිමි දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක තනතුර හිමි විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ තර්ක කරන බව පෙන්වා දුන් විට විමල් වීරවංශ මහතා කියා සිටියේ රාජ්‍ය නොවන සංවිධාන සතුටු කිරීම සඳහා කෙරෙන එවැනි ප්‍රකාශ ගැන හොයා බැලීමට වෙනම පරීක්ෂණයක් කල යුතු බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික ආණ්ඩුවකට එකඟ වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් සමඟ පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා අතර ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කොට ඇති හෙයින් දෙපාර්ශවය අතර මතවාදී බෙදීමක් තිබේ දැයි විමසු විට එවැන්නක් නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් විපක්ෂයේ සිට කටයුතු කරන බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
bbc
Related