මුහුද දූෂණය කරන රටවල් අතරින් 5වැනි තැන ලංකාවට !
අපේ රටේ ගංගාවලින් වසරකට අපද්‍රව්‍ය ටොන් ලක්ෂ 15.7 ක් ඉන්දියන් සාගරයට යොමු කරන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රංජිත් මීගස්වත්ත...
https://www.sathhanda.com/2015/09/Marine-Pollution-sri-lanka.html?m=0
අපේ රටේ ගංගාවලින් වසරකට අපද්‍රව්‍ය ටොන් ලක්ෂ 15.7 ක් ඉන්දියන් සාගරයට යොමු කරන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රංජිත් මීගස්වත්තගේ පවසයි. ඒ අනුව අපේ රට ලොව ඉහළම මට්ටමින් මුහුද දූෂණය කරන රටවල් අතරින් 5 වැනි ස්ථානය හිමිවී ඇතැයි කනගාටුවෙන් ප්‍රකාශ කරන බව ද මීගස්වත්තගේ පවසයි.
මේ අතර ලොව පුරා සාගරයට එක් දිනක් ඇතුළත මුදා හැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 1800 ක් වන බවත් ඒ අතර අපද්‍රව්‍ය වර්ග ලක්ෂ 80 ක් ඇති බවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරයි.
මේ අනුව සාගරයේ සෑම වර්ග කිලෝමීටරයකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කොටස් 13000 ක් පාවෙමින් තිබෙන බවත් මේ ද්‍රව්‍ය නිසා දස ලක්ෂ ගණනක් වටිනා ජාතික සමුද්‍රිය සම්පත් හා ජලජ ජීවීන් විනාශයට පත්වෙන බවත් අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි.


Related