මාදුළුවාවේ සෝභිත හිමිට හදිසි හදවත් සැත්කම් දෙකක් - දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර

https://www.sathhanda.com/2015/09/bypass-surgery-to-maduluwawe-sobitha.html
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන්ව පෙරේදා දින (26) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලක දී හදවත් සැත්කම් දෙකකට භාජනය කර තිබේ. මෙහිදී උන්වහන්සේට බයිපාස් සැත්කමක් මෙන්ම හෘදය වස්තුවේ වම් කර්ණිකාවේ සිට වම් කෝෂිකාවට රුධිරය පරිවහනය කරන කපාටයේ සිදුව තිබූ අඩපණවීමක් යථා තත්ත්වයට පත් කිරීම පිණිස එම හෘද කපාටයේ සැත්කමක්ද සිදු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත රාජ් මහතාගේ නිර්දේශය මත සෝභිත හිමියන් මෙම සැත්කමට භාජනය කර ඇත්තේ හෘද ශල්‍ය වෛද්‍ය විශේෂඥ අජිත් කරුණාරත්න මහතා විසින් වන අතර ඊට නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත මෙන්ඩිස් හා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහත්වරු ද ඊට සහාය වී ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැත්කමින් පසු ඊයේ (27) රාත්‍රිය වන විටත් සෝභිත හිමියන් එම රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඒ කියන්නේ හමුදුරුවනේ දිට්ට ධම්ම වේදනීය කර්මය පධිසන් දිලා එහෙනම්... අනේ සාදු.....සාදු ....සා ........
ReplyDeletekiyannan dewal godathyana asaneepane.kamak na kiwwewi kiyala hethe thiyaganna.
ReplyDeleteKalakaniyo ,pawkarayo monawakiwath athimahath janathawage asirwadaya unwahanseta labenawa
ReplyDeleteDayaratne
Kalakanniyo,pawkarayo,ethanol-kudukarayo monawakiwath unwahanseta athimahath janathawage asirwadaya labenawa
ReplyDeleteDayaratne-Battaramulla