දරුවා වළ හාරන අතරේ ගෙල වෙන්වෙන්න කොටලා - මරුවාගේ පාපොච්චාරණය

https://www.sathhanda.com/2015/09/panagoda-kavindu-devinda-murderer-speaks.html
මැරුණු දරුවාගේ තාත්තත් එක්ක මට ලොකු වෛරයක් තිබුණා. ඒ මිනිහා නොමරා රිද්දන්න මට ඕන වුණා. ඒ නිසා ඔහු වැඩියෙන් ආදරය කළ දරුවා මරා දමා තාත්තාගෙන් පළිගත්තා, මම ගෙදරට යනකොට දරුවා රූපවාහිනිය බලමින් හිටියේ. දරුවාගේ ගෙදර අය එළියට යනකම් මම බලන් ඉඳලයි ගෙට ගියේ. පස්‌සේ දරුවව පාළු නිවස තුළට අරන් ඇවිත් කෑලි කෑලිවලට කපලා මරා දැම්මා යැයි පනාගොඩ කපුරුගොඩ පාරේ පදිංචිව සිටි දස හැවිරිදි කවිඳු දේවින්ද කපුරුගේ නමැති පාසල් සිසුවාගේ ඝාතකයා අතුරුගිරිය පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ.
ව්‍යාජ නම් ගම්වලින් පෙනී සිට ඇති සැකකරු පනාගොඩ ගම්වාසීන් නොමග යවමින් වසර එකහ මාරක කාලයක් ගල් වැඩපළේ සේවය කර ඇත. ඝාතනයට ලක්‌වූ කවිඳුගේ බාප්පාට අයත් මෙම ගල් වැඩපළේ රැකියාව කරන ඔහු ඒ ආසන්නයේ ඇති පාළු නිවසේ නැවතී සිට ඇත.
සැකකරු කාලයක් තිස්‌සේ මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර, මීට මාස තුනකට පෙර ගොඩගම ප්‍රදේශයට ගොස් මන්නා පිහියක් මිලදී ගෙනැවිත් ඔහු නැවතී සිටි නිවසේ සඟවා තබාගෙන සිට ඇත. 25 වැනිදා දරුවාගේ මව හා පියා එළියට යනු දැක පසුව එම නිවසට ගොස් ඇති සැකකරු පුතේ කාසි වගයක් තිබෙනවා යමු මං ඔයාට දෙන්නම්..." කියා දරුවා රවටාගෙන ඔහු නැවතී සිටි පාළු නිවසට රැගෙන ගොස් ඇත.
පසුව එම ගෙතුළ ඇති සකස් කළ කුඩා වළක කාසි ඇති බව පෙන්වා එම වළ හාරා කාසි ලබා ගන්නා හැටියට සැකකරු දරුවාට පවසා තිබේ. එම කාසි ලබාගන්නට දරුවා වළ හාරන අතරේ සැකකරු මන්නා පිහිය රැගෙන විත් දරුවාගේ ගෙල වෙන්වෙන අන්දමට කොටා ඇත.
පස්‌සේ මම දරුවාගේ සිරුර කෑලි කෑලිවලට කපා කොටස් කර පසුව මන්නය විසිකර ත්‍රීවිල් එකක නැගලා ගිහින් පනාගොඩ හන්දියෙන් බැහැලා ගියා" යෑයි ද සැකකරු පොලිසියට කියා තිබේ.
මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ සැකකරු අපරාධ රැසක් සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධකරුවකු ද බව පොලිසිය කියයි. ඔහු ලියාපදිංචි අපරාධකරුවකු (අයි.ආර්.සී.) වන අතර මීට වසර ගණනාවකට පෙර සිදු කරන ලද පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව නිදහස්ව සිටින පුද්ගලයෙකි. ඒ වගේම ඔහු ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇත, ඔහු පොලිසියට පවසා ඇත්තේ වරක් හෝමාගම උසාවියේ ඇති වූ ගින්නක් හේතුවෙන් ඔහුගේ අපරාධයකට අදාළ නඩු ගොනු විනාශ වීම හේතුවෙන් 2007 වර්ෂයේ මෙලෙස නිදහස් වී පැමිණීමට හැකි වූ බවයි. නිදහස් වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත. එහිදී ගල්කොරි කර්මාන්තයේ නිරතව ඇති අතර මීට වසර 20 කට පමණ පෙර ගල්කොරියක වෙඩිල්ලක් පිපිරී සැකකරුගේ ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත. මේ නිසා මොහු සමාජය කෙරෙහි දැඩි වෛරී ස්‌වභාවයකින් පෙළී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙහු ඊයේ (27) හෝමාගම මහෙස්ත්‍රාත් වයි.ආර්.බි. නෙළුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ඔක්තෝබර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
ඝාතනයට යොදාගත් මන්නා පිහිය සැඟවූ ස්ථානය පෙන්වීමට පනාගොඩ ප්‍රදේශයේ ගල් කොරියකට ඊයේ (27) පෙරවරුවේ පොලිසිය සමග ගිය අවස්ථාවේදී සැකකරු ගලකින් ලිස්සා ඔහුගේ පාදයකට විශාල කළු ගලක් පතිත වීම නිසා තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට රැගෙන විත් තිබුණි.
මහෙස්ත්‍රාත් නියෝගයෙන් අනතුරුව ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ.
ahinsakayage bella kapuwata saapama wewa..
ReplyDelete