මිලදී ගත් කොකා-කෝලා බෝතලයේ කැරපොත්තෙක්


කැලණි ගඟට තෙල් දමා නොමිලේ පානීය ජලය සමග කොළඹ ජනතාවට ඩීසල් පෙවූ ඇමරිකාවේ කොකා-කෝලා සමාගම මෙවර මිලිලීටර් 500 කොකා-කෝලා බෝතලයක් සමග නොමිලේ කැරපොත්තෙක් ලබාදීමට පරිත්‍යගශීලී වී තිබේ.

මෙකී අගනා අවස්ථාව ලැබී ඇත්තේ වත්තල පදිංචි ජනක පුෂ්පකුමාර මහතාටය. පසුගියදා ඔහු විසින් මිලදී ගත් කොකා-කෝලා බෝතලයක් තුළ අමුතු යමක් තිබෙනු දැක ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වී ඇත්තේ මියගිය කැරපොත්තෙකු එහි සිටින බවයි. 

ජනක පුෂ්පකුමාර මහතා මේ බව කොකා-කෝලා බෝතලය මිලදී ගත් වෙළඳසැල හරහා කොකා-කෝලා ඒජන්තවරයාට දැනුම් දුන්විට බෝතලයෙහි සඳහන් බැච් අංකය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය තම කර්මාන්තශාලාවෙහි නිෂ්පාදනය කරන ලද්දක් බව පිළිගෙන තිබේ. එමෙන්ම කොකා-කෝලා සමාගම මේ සඳහා රහසින් වන්දි මුදලක් ගෙවීමට ද කැමැත්ත පළකොට ඇති අතර මොනම හේතුවක් නිසාවත් මෙම සිද්ධිය පිළිබඳව මධ්‍යයට දැනගැනීමට ඉඩ නොතබන ලෙසට ආයාචනයක් සිදුකොට තිබේ. 

ආහාර ස්වස්ථතාවය (Food hygiene) පිළිබඳව ලෝකයටම දේශන පවත්වමින් ටියුෂන් දෙන ඇමරිකාව මෙවැනි නොපනත්කම් පිළිබඳව දක්වන්නේ කවරාකාරයේ ආකල්පයක්දැයි දැනගැනීම කාලෝචිත වේ. එමෙන්ම මෙහිදී සඳහන් කළයුතු අනෙක් වැදගත් කරුණ නම් මෙම කොකා-කෝලා බෝතලය ප්ලාස්ටික් බෝතලයක් වීමෙන් පැහැදිලි වන්නේ පරිභෝජනය කිරීමෙන් පසු ඉවත ලන ප්ලාස්ටික් බෝතල් පවා ලංකාවේ කොකා-කෝලා සමාගම නැවත ඇසිරීම සඳහා යොදාගන්නා බව නොවේද ?



ලංකානිව්ස්වෙබ් 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8186922305348860785

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item