සේයා ඇහැරී "අම්මේ අම්මේ" කියද්දී මුහුණයි කටයි තද කළා - සේයාගේ මාරකයා වමාරයි

"අම්මගේ තුරුළේ නිදාගෙන සිටිය දැරිය මම වඩා ගන්න කොට ඇහැරිලා අම්මේ - අම්මේ කියලා කෑගහන කොට මම දරුවගේ මුහුණයි කටයි තද කරලා එළියට අරන් ග...

"අම්මගේ තුරුළේ නිදාගෙන සිටිය දැරිය මම වඩා ගන්න කොට ඇහැරිලා අම්මේ - අම්මේ කියලා කෑගහන කොට මම දරුවගේ මුහුණයි කටයි තද කරලා එළියට අරන් ගිහින් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල තද කරලා දැරියට අතවර කළා" යෑයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනයට සම්බන්ධව 23 වැනිදා ගම්පහ, බෙම්මුල්ල බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තා රහස්‌ පොලිසිය හමුවේ කළ පාපොච්චාරණයේ සඳහන් කර ඇත. 

සැකකරු පොලිසිය හමුවේ තම අධම ක්‍රියාව මෙසේ පාපොච්චාරණය කර ඇත.

මව සමග දැරිය නිදාගෙන ඉන්නවා දැක්‌කම මම ගේ ඇතුළට යන්න විදියක්‌ බැලුවා. එතකොට නිවසේ ඉදිරි දොර විවෘතව තිබෙන බව දැක්‌කා. මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ යට ඇඳුම ගලවා මෙට්‌ටෙ අස්‌සේ ගසා දරුවා වඩා ගත්තා. එවිට දරුවා ඇහැරිලා "අම්මේ අම්මේ" කියලා කෑගැහුවා. මම දරුවාගේ මූණයි කටයි තද කරගෙන එළියට අරන් ගිහින් අතවර කරල මරලා දාලා ඒ අසල ඇළකට වීසිකරලා ගෙදර ගියා.

පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා "උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක්‌ අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා" කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා වන සේයා දියණිය ඝාතනය කළ මෙම පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

සැකකරු කිසිදු අධ්‍යාපනයක්‌ නොලබා වනචාරී ලෙස ජීවිතය ගත කර ඇත. ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාව සහෝදරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ. මොහු එම ප්‍රදේශයේ පොල් මෝලක සේවය කර ඇත. 

රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්‍ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත.

භූමිදානය කරන ලද තරුණියකගේ සිරුරක්‌ ගොඩගෙන දූෂණය කිරීම සම්බන්ධවත් කාන්තාවන් බලහත්කාරයෙන් බදා ගැනීමට යැම, පුද්ගලයන්ට පහරදීම ඇතුළු විවිධ අපචාර චෝදනා මොහුට එල්ල වී තිබූ බවද හෙළි කරගෙන ඇති පොලිසිය මොහු විවිධ විකෘති ආශාවන්ගෙන් පෙළුණු අයකු බවට සැකකරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ සීයාද වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකළ අතර ඔවුන්ද මේ වන විට නිර්දොaෂි පුද්ගලයන් බවට හෙළි වී තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1316393081334043461

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item