කාම සූත්‍ර ගැන අලුත් කතාවක්
වාත්ස්‍යායනයන් විසින් ක්‍රිස්තු පූර්ව 400 සහ 200 අතර කාලයේ රචිත බවට විශ්වාස කෙරෙන කාම සූත්‍ර සංස්කෘත ග්‍රන්ථය ලියැවී ඇත්තේ සම්පූර්ණයෙන්...

https://www.sathhanda.com/2015/09/kama-suthra.html
වාත්ස්‍යායනයන් විසින් ක්‍රිස්තු පූර්ව 400 සහ 200 අතර කාලයේ රචිත බවට විශ්වාස කෙරෙන කාම සූත්‍ර සංස්කෘත ග්‍රන්ථය ලියැවී ඇත්තේ සම්පූර්ණයෙන්ම ලිංගික පහස සහ අනුරාගී ප්‍රේමය සම්බන්ධයෙන් පමණක් බව ඔබ සිතනවාද?
හින්දු ධර්මය සහ සංස්කෘතිය අලලා පොත් හයක් රචනා කළ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ඇමරිකානු ජාතික මහාචාර්ය වෙන්ඩි ඩොනිගර් විසින් රචිත 'මෙයර්ස් ට්‍රැප්' (The Mare’s Trap) ග්‍රන්ථය මේ පිළිබඳ නව කථිකාවකට මුල පුරා තිබේ.
සංස්කෘත බසින් කෞටිල්‍ය විසින් රචිත අර්ථශාස්ත්‍රය සහ වාත්ස්‍යායනයන් විසින් රචිත කාම සූත්‍ර මුල් කෘති අතර සමානතා හඳුනා ගැනීමට ඇය සිය ග්‍රන්ථයෙන් උත්සාහ කරන්නීය.
මහාචාර්ය වෙන්ඩි ඩොනිගර් විසින් රචනා කළ මෙම කෘතිය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වූ අතර හින්දු ධර්මයේ අතීතය සහ සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ කළ බවට ඇයට චෝදනා එල්ල විය.
ඉන් අනතුරුව ප්‍රශ්නය අධිකරණය දක්වා ඇදී ගියේය.
'වැරදි නිර්වචනයක් '
බීබීසී වාර්තාකරිණි ශ්‍රී රූපා මිත්‍රා සමග සිදු කරන ලද කතා බහකදී මහාචාර්ය වෙන්ඩි ඩොනිගර් (Wendy Doniger) කියා සිටියේ ඉන්දියාවේ කාම සූත්‍ර ග්‍රන්ථය හුදෙක් වෙළඳපොළ ඉලක්ක සපුරා ගැනීමේ අදහසින් ලිංගික පහස ලැබිය හැකි විවිධ ආකාර අඩංගු පුරාවෘත්තයක් වශයෙන් ප්‍රචලිත කොට ඇති බවයි.
කාම සූත්‍ර හුදෙක් කාමය සම්බන්ධයෙන් කෙරෙන විග්‍රහයක් නොව කාන්තාවන්ට ගෞරව කළ යුතු බව, කුල ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම, සම ලිංගික සම්බන්ධතා වලට සමාන සැලකිලි ලබා දීම වැනි ඉතා වැදගත් කරුණු අන්තර්ගත වටිනා ග්‍රන්ථයක් බවයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
Image captionමෙයර්ස් ට්‍රැප්’(The Mare’s Trap) ග්‍රන්ථය රචනා කළ වෙන්ඩි ඩොනිගර් |
සංස්කෘත බසින් ලියැවුන කාම සූත්‍ර මුල් කෘතිය පළමු වරට රිචර්ඩ් ෆ්‍රැන්සිස් බර්ටන් (Richard Francis Burton) විසින් 1883 දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ අතර පසුව කාම සූත්‍ර කෘතිය සම්බන්ධයෙන් ලියැවුන බොහෝ ග්‍රන්ථ පාදක කර ගනු ලැබුවේ ඔහුගේ පරිවර්තනයයි.
කාම සූත්‍ර මුල් කෘතියේ අඩංගු කාන්තාවන්ට ගෞරව කිරීම සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලියැවුන ඇතැම් කොටස් බර්ටන්ගේ පරිවර්තනයේ අන්තර්ගත නොවූ බව මහාචාර්ය වෙන්ඩි ඩොනිගර් පවසන්නීය.
සංස්කෘතිය සහ ආගම් සම්බන්ධයෙන් මිනිස් මනස ක්‍රියා කරන ආකාරය විශ්ලේෂණයේ යෙදෙන ඉන්දියාවේ සුප්‍රකට මනෝ විශ්ලේෂක සුධීර් කාකාර් සමග එකතුව වෙන්ඩි ඩොනිගර් විසින් 2002 වසරේ දී කාම සූත්‍ර මුල් ග්‍රන්ථය නැවතත් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ අතර එහිදී මුල් කෘතියේ අඩංගු සියලු කරුණු ඇතුළත් කිරීමටත් එහි කාන්තාවන් වෙනුවෙන් ලියැවුන කොටස් ඉදිරිපත් කිරීමටත් ඇය උත්සාහ කළාය.
සම ලිංගික සම්බන්ධතා
කාම සූත්‍ර මුල් කෘතියේ සම ලිංගික සම්බන්ධතා සහ පුරුෂයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ සියලුම තොරතුරු බර්ටන්ගේ පරිවර්තනයේ දී ඉවත් කර ඇති බව මේ උත්සාහයේ දී හෙළි වූ ප්‍රධාන කරුණක්.
පැරණි ඉන්දීය සංස්කෘතිය තුල පිරිමියකුගේ කාර්ය භාරය එනම් ආදායම් ඉපයීම, ආගම ඇදහීම සහ ආගම පැතිරීම, අධ්‍යාපනය, වර්ගයා බෝ කිරීම, ලිංගික සම්බන්ධතා වල අධිකාරිය පවත්වා ගෙන යාම වැනි සංස්කෘතික ඉන්දීය පිරිමියා සහ ඔහුගේ කාර්ය විමසා බලන පාඨමාලාවක් අධ්‍යයනය කිරීමට තමා යොමු වූ බව පවසන කතුවරිය, එම අධ්‍යනය පාදක කරගත් කෘතීන් අධ්‍යනයට යොමු වූ බව එයට පිළිතුරු දෙමින් කියා සිටියාය.
එහිදී අර්ථශාස්ත්‍රය, මනුස්මෘති සහ කාම සූත්‍ර යන ග්‍රන්ථයන්හි මුල් පිටපත් අධ්‍යනයට යොමු වූ අතර අර්ථශාස්ත්‍රය සහ කාම සූත්‍ර මුල් කෘති අතර බොහෝ සමානකම් දුටු බව ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
වර්තමානයේ හින්දු ආගමික ග්‍රන්ථ සහ ඉන්දියානුවන් අදහන හින්දු ආගම තුල ලිංගික සංසර්ගය, කාමය සහ අනුරාගය ඉස්මතු කිරීම හෝ ඒ පිළිබඳ කතා කිරීම ප්‍රතික්ෂේප කරන වටපිටාවක් පැවතියත් ඉතා ඈත අතීතයේ ලියවුනු හින්දු කෘතීන්හි එවැනි මාතෘකා විවෘතව කතාබස් කෙරුණු බව විශ්වාස කළ හැකිද යන්න කතුවරියට යොමු කෙරුණු තවත් ප්‍රශ්නයක්.
නිර්මාණාත්මක කර්තව්‍යයක්
පැරණි හින්දු වේද ග්‍රන්ථ වල ලිංගික සංසර්ගය සම්බන්ධයෙන් සුභවාදී අදහස් පළ වන අතර එය නිර්මාණාත්මක කර්තව්‍යයක් වශයෙන් හඳුන්වා ඇති බව පවසන වෙන්ඩි ඩොනිගර් වැඩි දුරටත් කියා සිටියේ දේවත්වයේ ලා සැලකෙන රාධා ක්‍රිෂ්ණා පෙම් යුවළ සම්බන්ධයෙන් අනුරාගී සිදුවීම් විස්තර කෙරෙන හින්දු ග්‍රන්ථ, පැරණි ගීත, ඔවුන් දෙදෙනාගේ අනුරාගී ප්‍රේමය සංකේතවත් කරන චාරිත්‍ර සහ හින්දු කෝවිල් වල තවමත් පවතින මූර්ති, චිත්‍ර පවා අනන්තවත් පවතින බවයි.
බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව ආක්‍රමණය කිරීමත් සමග රට පුරා පැතිරීමට පටන් ගත් වික්ටෝරියන් ගතානුගතික සංවෘත සංස්කෘතියේ ලක්ෂණ වලට අනුවර්තනය වීමට පටන් ගැනීමත් සමග ඉතා සාරගර්භ සංස්කෘතියක් සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් පුළුල් දර්ශනයක් සහිත හින්දු සාහිත්‍ය සහ හින්දු වේද පැවති ඉන්දියාව වෙනස් වන්නට පටන් ගත් බවයි ඇය පවසන්නේ.
ලිංගිකත්වය, කාමය, අනුරාගය වැනි මාතෘකා පිළිබඳ ලියැවුන ග්‍රන්ථ යටපත් වූ අතර දීර්ඝ කාලීන සමාජමය වෙනස ඉදිරියේ එවන් නිර්මාණ සිය සංස්කෘතියේ, ආගමේ කොටසක් ලෙස පිළිගැනීමට මැලි වෙමින් ලැජ්ජාවෙන් ප්‍රතික්ෂේප කිරීම දක්වා ව්‍යාප්ත වූ බවත් වෙන්ඩි ඩොනිගර් පෙන්වා දෙන්නීය.
එලෙස යටපත් වෙමින් පවතින සාරවත් සංස්කෘතිය, සාහිත්‍ය, සහ කලාව සම්බන්ධයෙන් කිසිවකු හඬ නොනගන්නේ නම් එවැනි හින්දු වේද පැවති බව ඔප්පු කිරීමට කිසිවකු සටන් නොකරන්නේ නම් ඒ වටිනා උරුමයන් සදහටම මිය යනු ඇති බව වෙන්ඩි ඩොනිගර් වැඩිදුරටත් කියා සිටියාය.
බී.බී.සී
Related