කොටදෙනියායේ මල් කැකුළගේ දුක්මුසු කතාව [VIDEO]
තවත් දින තුනන් සිය පස්වන උපන් දිනය සැමරීමට බලා සිටි මීගමුව කොටදෙණියාව පාරේ බඩල්ගම, අකරංගහ, වැලිපාරේ පදිංචිව සිටි සේයා සඳෙව්මිණි පෙරේදා(11) ...
https://www.sathhanda.com/2015/09/kotadeniyaya-badalgama-sandewmini-video.html?m=0
2010 වසරේ සැප්තැම්බර් මස 16 වන දා උපන් සඳෙව්මිණි පවුලේ මද්දුමයා වූ අතර පෙර පාසැලේ හොඳින් ඉගෙනුම ලැබූ දැරියක ද වුණා.
ඇගේ පියා පෞද්ගලික ප්‍රවාහන සේවයක් පවත්වා ගෙන ගිය අතර ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ද සේවය කර තිබෙනවා.
දොරගුරු නොදැමූ නිවසේ ප්‍රධාන දොරටුවෙන් හෝ ඇය නිදා සිටි කාමරයේ විවර කර තිබූ ජනේලයෙනුත් පැමිණි බවට සැළකෙන මරුවා රාත්‍රීයේ ඇඳ සිටි ඇඳුම ද ඇඳ මත දමා අහිංසක දැරියගේ ජීවිතය ද රැගෙන පළ ගොස් දැන් අවසන්ය.
සේයාගේ පෙරපාසල් රැගෙන ගිය බෑගය දැන් ඇගේ කාමරයේ මුල්ලකට විසිවී ඇති අතර ඇගේ අකුරු ලියූ පොත ගෙදරට එන විවිධ පුද්ගලයන්ගේ අතින් අතට යන අයුරු දක්නට පුළුවන.
මේවන විට මුලු කොටදෙණියාවම එකම මළ ගෙයක් බවට පත්ව ඇත්තේ අහිංසක ළදැරියගේ සිරුර නිර්වස්ත්‍රව තිබුණු බවට දැන ගැනීමත් සමගයි.
සේයා සඳෙව්මිණි යළිත් අම්මේ කියාගෙන ගෙදර නොඑන බව නම් පැහැදිලියි.එහෙත් සඳෙව්මිණිගේ ජීවිතය රැගෙන ගිය ම්ලේච්ඡයන් ගැන කාටත් මෙතෙක් අපැහැදිලියි.

Related