යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ලැඛෙනවා - අමාත්‍ය මහින්ද අමරවීර වැඩ බාර ගනිමින්
අපේ රටට අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය අප රට තුළම නිෂ්පාදනය කර ගැනීම මෙන්ම විදේශ වෙළඳපොළ සඳහා මත්ස්‍ය අපනයනය කිරීම තුළින් ධීවරයන්ගේ ආදායම් තත...

https://www.sathhanda.com/2015/09/mahinda-amaraweera_9.html
අපේ රටට අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය අප රට තුළම නිෂ්පාදනය කර ගැනීම මෙන්ම විදේශ වෙළඳපොළ සඳහා මත්ස්‍ය අපනයනය කිරීම තුළින් ධීවරයන්ගේ ආදායම් තත්ත්වය වැඩිකර ගැනීමට හැකියාව ලැඛෙනවා. එම ඉලක්කයන් සපුරා ගැනීමට එතරම් පහසු කාර්යයක් නොවන අතර, යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම තුළින් අපේ රටට විශාල විදේශ විනිමයක් ළඟා කර ගැනීමට හැකියාව ලැඛෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.
ඔහු එසේ පැවසුවේ සැප්: 8 දින ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේදී සිය රාජකාරී භාරගන්නා අවස්ථාවේදීයි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
යුරෝපා සංගමය විසින් අප රටට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් අප රටේ ආර්ථිකයට විශාල ලෙස බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ජාත්‍යාන්තර මුහුදේ ධීවර කටයුතු සිදුකිරීමේදී අනිවාර්ය වන විශේෂ කොන්දේසි මාලාවන් රැසක් ඔවුන් විසින් ඉදිරිපත් කරල තියෙනවා. එම තහනම ඉවත් කර ගැනීමට නම් අප එම කොන්දේසි සම්පූර්ණ කරල තියෙන්න අවශ්‍ය වෙනවා.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ ධීවර දෙපාර්තමේන්තුව මගින් මෙම තහනම ඉවත් කර ගැනීම සඳහා වැඩසටහනක් ඒ කියන්නෙ Road Map එකක් සකස් කරල ක්‍රියාත්මක කරමින් සිටිනවා.
- ධීවර නීති පද්ධතිය සංශෝධනය කිරීම
- ධීවර සෝදිසි මෙහෙයුම් කටයුතු වැඩි දියුණු කිරීම
- ධීවර යාත්රා පිළිබඳ ප්රැතිපත්තිය වඩාත් වැඩි දියුණු කිරීම
- ධීවර අංශයේ හැකියාවන් වැඩි දියුණු කිරීම
ආදී ක්‍රියාකාරකම් 57ක් ඇතුළත් වේ.
දාළ දින නියමයන්ට අනුව ඔවුන් ලබාදී ඇති ක්‍රියාකාරකම් බොහොමයක් අප විසින් සාර්ථකව ඉටුකර ඇති බව දන්වා සිටින අතර, ඒ පිළිබඳ ප්‍රගතිය පරික්‍ෂා කිරීම හා වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ඔක්තෝබර් මස 05 වැනිදා ලංකාවට පැමිණෙන අතර, 09 දක්වා අදාළ නිරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බව දන්වල තියෙනවා. ඔවුන් පැමිණීමෙන් අපට සැලකිය යුතු මට්ටමක ප්‍රගතියක් ළඟා කර ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද යුරෝපා සංගමයේ යෝජනාවල ප්‍රධාන කාර්යයක් වන යාත්‍රා නිරීක්‍ෂණ පද්ධති (VMS) සවි කිරීම සාර්ථකව සිදුකරගෙන යන අතර, දැනට ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රා 1019 කට ඪඵී සවි කර ඇති බවයි ඔහු කියා සිටියේ.
ඉන්දීය ධීවරයන් විසින් අපේ රටේ මත්ස්‍ය සම්පත රැගෙන යාම පිළිබඳවද අදහස් පළ කරමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ, අවු:50-60ක පමණ සිට අපේ රටේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයන් විසින් රැගෙන ගියත් වැඩිපුරම කතාබහට ලක්වන්නේ මේ කාලයේදීයි. මෙම ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳාගත යුතු කරුණක්. චෙන්නායිවල ධීවරයන් තමයි අපේ මුහුදු සීමාවේ මසුන් අල්ලන්නේ. ඒ රටේ අපිට විරෝධතා පවත්වනවා ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගන්නවාය යන චෝදනාව හේතුවෙන්. නමුත් අපි ගනුදෙනු කරන්නේ ප්‍රාන්ත රජය සමග නොව ඉන්දීය මධ්‍යම රජය සමග බව සඳහන් කළ යුතුයි. ඉන්දීය මහ කොමසාරිස්තුමා සමග අපි කිහිපවරක් සාකච්ඡා පැවත්වූවා. ඒ අය ඉතා සුහදව මේ කටයුත්තට ප්‍රවේශ වෙන්න සූදානමක් තියෙනවා. එය හොඳ පෙර නිමිත්තක්. ඉන්දීය මධ්‍යම රජය, තානාපති කාර්යාලය දක්වන සහයෝගය හා උනන්දුව පිළිබඳව අපි සතුටු වෙනවා. අපේ එම මිත්‍රත්වය පලුදු නොවන ආකාරයට මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට තමයි අපි බලාරොත්තු වන්නේ යැයි අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේය.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා හා ධීවර අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් හෙට්ටිආරච්චි ඇතුලු පාක්‍ෂිකයන් රැසක් සහභාගී විය.
Related