විපක්ෂ නායක පුටුව දුන්නත් 'මහින්ද' වාඩි වෙලා නෑ
මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ(01)දිනයේ දී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට විපක්ෂ නායක පුටුව ලබා දුන්න ද ඔහු වෙනත් අසුනක වැඩි වූ බව පාර්ලිමේන්තු ආරං...
https://www.sathhanda.com/2015/09/mahinda-rajapaksa-as-parliamentarian_2.html?m=0
සභා ගර්භයට මහින්ද රාජපක්ෂ මහතා පිවිසෙන විට අසුන්ගෙන සිටි විපක්ෂයේ මන්ත්රිවරුන් නැඟී සිටි අතර ඔවුන් සැමටම ආචාර කරමින් විරුද්ධ පක්ෂයේ ඉදිරි අසුන් පෙළ දක්වා මහින්ද රාජපක්ෂ මහතා ගමන් කර තිබෙනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතාද මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දෙක අල්ලා සුබ පතා ඉදිරි පෙළ අසුනක් ඒ මහතාට පෙන්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක පාර්ලිමේන්තු මන්ත්රිවරයාගේ පිටට තට්ටුවක් දමමින් ඉදිරියට ගිය බවයි පැවසෙන්නේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දුටු විගස නැඟී සිටි නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක අසුනේ වාඩිවෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියද ඔහුගේ පිටට තට්ටුවක් දැමූ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක අසුනට යාබද අසුනේ අසුන් ගනු ලැබුවා.

Related