විමල් මගෙන් සමාව ගත්තේ නෑ. බොරු මාධ්‍ය වාර්තා හරි සවුත්තු වැඩක් – ජනපති
සන්ධානයේ සෙසු පක්ෂ නායකයන් හා පැවති සාකච්ඡවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ තමාගෙන් සමාව ඉල්ලූ බවට පලව තිබූ මාධ්‍ය වාර්තා අසත්...
https://www.sathhanda.com/2015/09/wimal-weerawansa-maithripala-sirisena.html?m=0
සන්ධානයේ සෙසු පක්ෂ නායකයන් හා පැවති සාකච්ඡවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ තමාගෙන් සමාව ඉල්ලූ බවට පලව තිබූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
විපක්ෂ නායකයා ලෙස කුමාර වෙල්ගම මහතා යෝජනා කරමින් මන්ත්‍රීවරුන් 56කගේ අත්සන් සහිත ලිපිය ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී බාර දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයා එසේ පවසා ඇත.
තමන්ද එම පුවත්පත් වාර්තා දැක විමතියට පත් වූ බවත් එවැනි සමාව ඉල්ලීමේ සිදුවීමක් නොසිදු වූ බව සාකච්ඡාවට සහභාගී වූ සියලූම දෙනා දන්නා බවත් පවසා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශට සිය කණගාටුව කාශ ප්‍රකර ඇත්තේ ‘ඒක හරි සවුත්තු වැඩක්’ යනුවෙන්ද පවසමිනි.


Related