ඇබට් යයි, බූල් එයි - ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයේක්
ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් ලිබරල් පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්දෙයන් පරාජයට පත් විය. ඔහුට ඡන්ද 44ක් ද, ඔහුගේ ඇමැති මණ්ඩලයේ මැල්කම්...
https://www.sathhanda.com/2015/09/malcolm-turnbull-our-new-prime-minister.html?m=0
ඔහුට ඡන්ද 44ක් ද, ඔහුගේ ඇමැති මණ්ඩලයේ මැල්කම් ටර්න් බුල් ඡන්ද 54ක් ද ලබා ඔහු පරාජය කළේය.
මේ අනුව ඕස්ට්‍රේලියාවට අලුත් අගමැතිවරයකු පත් වීමට නියමිතය.
නව අගමැතිවරයා ලෙස නීතීඥ වරයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන ටර්න් බුල් දිවුරුම් දීමට නියමිතය. 2013ට පසු ඕස්ට්‍රේලියාවට පත් වූ සිව් වැනි අගමැති ඔහු වේ.
ඇබර්ට් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ටර්න් බුල් අගමැති පදවියේ දිවුරුම් දෙනු ඇත.
ලේබර් පක්ෂයේ අගමැතිනිය වූ ජුලියා ගිලාඩ් 2013 ජූනි මාසයේ පක්ෂ නායකත්වය පිළිබඳ ඡන්දයේ දී කෙවින් රඩ් විසින් පරාජය කැරිණි.
ඉන්පසුව පැවැති මහ ඡන්දයේ දී ටෝනි ඇබට්ගේ ලිබරල් පක්ෂය ජය ගත්තේය. ටර්න් බුල් ලබන 29 වැනි දා දිවුරුම් දීමට නියමිතය.

Related