සභාග ආණ්ඩුවට සහය නොදුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මෛත්‍රී හමුවේ
පත්වූ නව සභාග ආණ්ඩුවට සහය නොදුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් අද (15) ස්...
https://www.sathhanda.com/2015/09/sri-lanka-freedom-party_15.html?m=0
පත්වූ නව සභාග ආණ්ඩුවට සහය නොදුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් අද (15) ස්වරු 05.00ට ජනපති නිල නිවසේ පැවැත් වීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ප්‍රධාන හවුල්කාර පක්‍ෂය වනවා. කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් ජාතික ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූර ලබා ගැනීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිරි මන්ත‍්‍රීවරුන්ට විපක්‍ෂයේ කටයුතු කිරීම ගැටළුකාරී වී තිබෙනවා. ජනාධිපතිවරයා සමග අද පැවැත්වෙන හමුවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතයි.

Related