සමස්ත ලංකා යෞවන සමාජ ජාතික වොලිබෝල් තරගාවලිය 2015 - ශූරතාවය ආණමඩුව යෞවන සමාජයට
උතුර නැගෙනහිර දිස්ත්‍රික්ක ඇතුළුව කණ්ඩායම් 52 කින් යුත් සමස්ත ලංකා යෞවන සමාජ කාන්තා හා පිරිමි වොලිබෝල් තරගාවලිය පසුගියදා(13) වන දින රුවන්වැ...
https://www.sathhanda.com/2015/09/minister-ranjith-siyambalapitiya.html?m=0
උතුර නැගෙනහිර දිස්ත්‍රික්ක ඇතුළුව කණ්ඩායම් 52 කින් යුත් සමස්ත ලංකා යෞවන සමාජ කාන්තා හා පිරිමි වොලිබෝල් තරගාවලිය පසුගියදා(13) වන දින රුවන්වැල්ල රාජසිංහ විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්විනි.
මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන පෙළේ යෞවන සමාජ වොලිබෝල් කණ්ඩායම් 52 ක් තරග වැදනි. පිරිමි අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ පුත්තලම් දිස්ත්‍රිකයේ ආණමඩුව යෞවන සමාජය සහ කෑගලු දිස්ත්‍රික්කයේ රදාවාන යෞවන සමාජය අතර පැවති තියුණු තරඟයකින් පුත්තලම් දිස්ත්‍රිකයේ ආණමඩුව යෞවන සමාජය විසින් ශූරතාවය හිමිකරගත් අතර අනුශූරතාවය හිමිකර ගන්නා ලද්දේ කෑගලු දිස්ත්‍රික්කයේ රදාවාන යෞවන සමාජ කණ්ඩායම විසිනි.
ජාතික ක්‍රීඩාව තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව මඟින් 29 වන වතාවටත් සංවිධානය කරනු ලැබූ මෙම යෞවන සමාජ වොලිබෝල් තරගාවලියේ කාන්තා ශූරතාවය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැෂුවලයින් කණ්ඩායමටත් අනුශූරතාවය පුත්තලම දිස්ත්‍රික්යේ තොඩුවාව යෞවන සමාජයටත් හිමි විය.
මෙහි ප්‍රධාන අරාධිතායා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහභාගී විය.
මෙහි ප්‍රධාන අරාධිතායා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහභාගී විය.



Related