එයා මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් – පියුමි බොතේජු


පාට පාට හීන ලෝකවල පාවෙන ආදරය විවාහය දක්වා ගෙනියනවා නම් ඒ ආදරය පින් කරලා තියෙන්නම ඕන. ඉතිං ඒ වගේ ආදරයක් ලබන්න පසුගියදා වාසනාව ලැබුණේ පියුමි බොතේජු කියන දක්ෂ රංගන ශිල්පිනියටයි. අගේ ඒ ආදරය ගැන කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.

ඉතින් පියුමි ජීවිතේ අලුත් වෙනසක් වුණා නේද? කොහොමද ඒ වෙනස?
වෙනස නම් හරිම ෂෝක්. වචනවලින් කියන්න බැරි තරම් සතුටකින් ජීවිතේ ගතවෙනවා. ඇත්තටම හිතට සැනසීමක් දැනෙන්නේ හිතට හරියන කෙනෙක් ලැබුණාම.

ඇයි කලින් මාධ්‍යයට සැමියා ගැන වසන් කළේ?
ම්… එහෙම කළේ අන්තිම මොහොතේ කිව්වම ඒක හොඳයිනේ. මුලින් කිව්වහම ඒකේ අගේ නැතිවෙනවා. ඒකයි. අනිත් එක එයා වැඩිය ප්‍රසිද්ධියට කැමැති නැහැ.

කොහොමද ඔහුව මුණ ගැහුණේ?
මම සුනෙත්ව පුංචි කා‍ලේ ඉඳන් දන්නවා. එයා මගේ අයියාගේ හොඳ යාළුවෙක්. එයා මෙහෙ නාගරික මන්ත්‍රී. අපි ‍පොඩි කා‍ලේ ඉඳන් යාළුවෝ. මම දවසක් අපේ පාර හදාගන්න එයාට කතා කළා. ඊට පස්සේ ඉතින් අපි දිගටම කතා කරන්න ගත්තා. එහෙම තමයි මේ ආදරය පටන් ගත්තේ.

ඔහුට කැමැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?
ඔව්. සුනෙත් කියන්නේ හරිම හොඳ කෙනෙක්. එයා මට ගොඩක් ආදරෙයි. වචනවලින් ඒක කියන්නේ නැහැ. නමුත් කරන දේවල්වලින් ආදරේ පෙන්වනවා. අපි හැමෝම බලා‍පොරොත්තු වෙන රැකවරණය, ආරක්ෂාව එයා මට දෙනවා. මම හිතනවා මට ලැබුණ හොඳම කෙනා එයා.

ඇයි දේශපාලනයට සම්බන්ධ කෙනෙක් විවාහ කරගන්න හිතුවේ.?
විවාහය කියන තැනදී රැකියාව ගැන මම හිතුවේ නැහැ. මම රංගන ශිල්පිනියක්. එයා දේශපාලනඥයෙක් කියන තැන ඉඳගෙන ‍නෙවෙයි අපි විවාහ වුණේ. එයා දේශපාලනඥයෙක් නිසා මම එයාට ආදරේ කළේ නැහැ. මම ආදරේ කළේ සුනෙත් කියන පුද්ගලයාට.

පියුමි රඟපානවට ඔහුගේ ප්‍රතිචාර මොනවද?
එයා එහෙම රඟපාන්න එපා කියලා නැහැ. තෝරා බේරාගෙන හොඳ දේ කරන්න කියනවා. රඟපෑම නවත්තන්න කියලා බලපෑම් කරන්නෙත් නැහැ. මමත් හැමතිස්සෙම කාර්යබහුල කෙනෙක් වෙන්න කැමැති නැහැ. හැමදේම බැලන්ස් කරගෙන ඉන්න තමයි හිතන්නේ.

සැමියාගේ දේශපාලන වැඩවලට ඔබෙන් ලබාදෙන සහයෝගය?
අනිවාර්යෙන්ම මම මගෙ උපරිම සහයෝගය එයාට ලබාදෙනවා. එයාගේ දේශපාලන ගමනේදී බිරිඳක් විදිහට මගෙන් වෙන්න ඕන යුතුකම් මම උපරිමයෙන් ඉෂ්ට කරනවා.

ඔබේ පදිංචිය කොහෙද දැන්?
අපේ ගෙදර අරන්ගල

තමන්ගේ ජීවිතේට ගැළපෙන කෙනා මුණගැහුණා කියලා විශ්වාස කරනවාද?
අනිවාර්යෙන්ම. අවුරුදු 3ක් ආදරය කළා. අපි ඒ අවුරුදු 3 ඇතුළත සුනෙත් කවුද කියන එක මම අඳුනගත්තා. එයා මගේ ජීවිතේට මට ලැබුණ දෙවියන් විසින් ලැබුණ තෑග්ගක්. මම අද ගොඩක් සතුටු වෙනවා මගේ මේ තීරණය ගැන.

සවන්ති රත්නායක



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 5777967889682772912

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item