යුද අපරාධ චෝදනා ලබන රණවිරුවන්ට නීති සහන දීමට "රණවිරු නීති සහන පදනම" දැන් ක්‍රියාත්මකයි

වත්මන් රජය විසින් යුද හා නාවුක බුද්ධි අංශ නිලධාරීන් ගණනාවකගෙන් පසුගිය යුද සමයේ සිදුවු යුදමය ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න කිරීම් සිදුකරමින් ප...

වත්මන් රජය විසින් යුද හා නාවුක බුද්ධි අංශ නිලධාරීන් ගණනාවකගෙන් පසුගිය යුද සමයේ සිදුවු යුදමය ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතියි. අවාසනාවකට බොහෝ හමුදා නිලධාරීන් මෙම විමර්ශන සදහා පෙනී සිටිනුයේ තමන් දන්නා හදුනන එහෙත් මෙවැනි කටයුතු සම්බන්ධයෙන් එතරම් අත්දැකීම් නොමැති නීතිඥවරුන් සමගිනි. නමුත් දෙමළ බෙදුම්වාදීන් වෙනුවෙන් නීතී උපදෙස් ලබාදීම සදහා හිටපු නීතිපති ශිවා පසුපති සහ රුද්‍රකුමාරන් වැන කීර්තිමත් නීති විශාරදයන් ඉදිරිපත්වීම දක්නට ලැබේ.

මේ නිසා නීතිමය වශයෙන් අර්බුද රැසකට මුහුණපා ඇති රණවිරුවන්ට නීති ආධාර ලබාදීම සදහා පිවිතුරු හෙළ උරුමය විසින් රණවිරු නීති සහන පදනම ආරම්භ කර ඇත. කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් රණවිරු නීති සහන පදනම මගින් යුධ සමයේ තමන් රාජකාරි මට්ටමින් සිදුකල ක්‍රියාකාරකම් සදහා චෝදනා ලබා ඇති රණවිරුවන්ට නොමිලේ නීති ආධාර ලබාදීම සිදුකෙරේ.

එසේ හෙයින් කිසියම් හමුදා නිලධාරියෙකුට යුද සමයේ තමන් රාජකාරි මට්ටමින් සිදුකල ක්‍රියාකාරකම් සදහා චෝදනා නගමින් ඒ පිලිබද සිදුකෙරෙන විමර්ශනයක් සදහා පැමිනෙන ලෙස දැනුම්දීමක් සිදුකලහොත් හෝ එසේ කැඳවිමේ අවදානමක් තිබේ නම්, එවැනි විමර්ශනයකට සහභාගි වීමට පෙර රණවිරු නීති සහන පදනම අමතා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගන්නා මෙන් ඔවුන් එල්ල සිටි.

වැඩි විස්තර පහත ලිපිනයෙන් සහ දුරකථන අංක මගින් ලබා ගත හැක.
රණවිරු නීති සහන පදනම
133ඒ. පාගොඩ පාර. පිටකෝට්ටේ.
දුරකතන - 011 - 3357666
ෆැක්ස් - 011 - 2820050
විද්‍යුත් ලිපි - ranaviruphu@gmail.com
සබැඳි පුවත් : යුධ අපරාධ චෝදනා ලබන රණවිරුවන් වෙනුවෙන් "රණවිරු නීති සහන පදනම" එයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9018252932933794114

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item