මරණ දණ්ඩනයෙන් ප්‍රශ්න විසදෙන්නේ නැ

https://www.sathhanda.com/2015/09/sri-lanka-death-penalty.html
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයෙන් පසු මරණිය දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතු බවට මේ වන විට දැඩි සංවාදයක් ගොඩනැගී තිබෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා පවසන්නේ අපරාධ වීමට තිබෙන අවකාශ වලක්වා ගැනීමට පියවර ගත යුතුව ඇති බවයි. අපරාධ සිදු කිරීමට පොළඹවන මානසික, සමාජීය කාරණා පිළිබඳව බලධාරීන් අතර සාකච්ඡා සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බවත් පැවසුවා.
මරණිය දණ්ඩනයට නියම කිරීමෙන් පමණක් සමාජයේ ඇතැමුන්ගේ මානසික විකෘතීන් නිවැරදි නොවන බව නීතිඥ යු.ආර්. ද සිල්වා පෙන්වා දෙනවා. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මානසික විකෘති ඇති පුද්ගලයින්ට මරණිය දණ්ඩනය නියම කිරීම තුළ ද එවැනි අයව නිවරැදි මාර්ගයකට ගත නොහැකි බවයි. මෙවැනි අපරාධ සිදුවිමට හේතුව රටේ හර පද්ධතීන් බිඳ වැටීම බවයි මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related