විපක්ෂ නායක ධූරය ගැන විමල්ගේ කතාවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

මත්තල ගුවන්තොටුපොළේ ගබඩාවක වී ගබඩා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විපක්ෂය මත්තල ගුවන්ත...

මත්තල ගුවන්තොටුපොළේ ගබඩාවක වී ගබඩා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂය මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමට ගත් ක්‍රියාමාර්ගයත්, වී අස්වැන්න පිළිබඳවත් විවාදයක් ඉල්ලුවේය.

අගමැතිවරයා සඳහන් කළේ මත්තල වී ගබඩා කිරීමට ගත් ක්‍රියාමාර්ගයත්, මත්තල ගුවන්තොටුපොළ ගැනත් විවාද දෙකක් ලබා දිය හැකි බවයි.

ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව පිළිබඳවද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර එහි මන්ත්‍රීධුර ප්‍රමාණය ගැන කතානායකවරයා අද අවසන් තීන්දුවක් ලබා දීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් මහතා කතානායකවරයා විසින් පත්කළ අතර එහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කිසිවෙකු නම් නොකිරීම නිසා ඉන් අනතුරුව වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමි කරගත් දෙමල සන්ධානය වෙත විපක්ෂ නායක ධූරය පිරිනමන බවයි. 

කුමාර වෙල්ගම මහතා විපක්ෂ නායක කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කළ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කරුණු දක්වමින් සඳහන් කළේය.

එහිදී පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඊයේ(02) දිනයේ පොළොන්නරුවේදී ජනපතිගෙන් එය විමසන්නට තිබූ බවත් එම ලිපිය බාරදී අත්තේ පක්ෂයේ සභාපතිට මිස කතානායකවරයාට නොවන බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. 

ඇමතිවරුන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් මේවන විට පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබන බව කතානායකවරයා දැනුම් දුන්නේය.

asianmirror



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4684959996814820335

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item