අඩි 70ක තල්මසෙක් මුලතිවු වෙරළට - මහා වෙහෙසකින් ආපසු යවයි [PHOTOS]
අඩි 70 පමණ දිග නිල් තල්මසෙකු මුලතිවි,කෝකිලායි මුහුදු වෙරළට පසුගියදා වැනිදා ගොඩ ගසා සිටි බැව් මුලතිව් ධීවර ජනතාව පවසනවා. මුලතිව් ධීවරයින් ප...
https://www.sathhanda.com/2015/10/blue-whale-in-mullaitivu.html?m=0
අඩි 70 පමණ දිග නිල් තල්මසෙකු මුලතිවි,කෝකිලායි මුහුදු වෙරළට පසුගියදා වැනිදා ගොඩ ගසා සිටි බැව් මුලතිව් ධීවර ජනතාව පවසනවා.
මුලතිව් ධීවරයින් පැවසුවේ කිසියම් හේතුවකින් නිල් තල්මසා නොගැඹුරු මුහුදු සීමාවට පැමිණ ඇති අතර,අනතුරුව ඇති වු රළ පහරත් සමඟ තල්මසා වෙරළට ගොඩ ගසා සිටි බවයි.
නිල් තල්මසා වෙරළට ගොඩ ගැසීම සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත දැනුම් දීමෙන් අනතුරුව ප්රදේශයේ ආරක්ෂක අංශ නිළධාරීන්ගේ සහයෝගයෙන් තල්මසා නැවත මුහුද වෙත ඇඳගෙන ගොස් මුදාහැර තිබෙනවා.
නිල් තල්මසා වෙරළේ සිට නැවත ජලය වෙත මුදාහැරීම වෙනුවෙන් බැකෝ යන්ත්ර පවා උපයෝගි කොටගත් අතර,ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල පිරිසක්ද මෙහෙයුම වෙනුවෙන් සහභාගි වු බවද ධිවර ජනතාව පවසනවා.

Related