චන්න - උපුලි ගෙන් මාධ්‍ය නිවේදනයක්
හම්බන්තොට වරාය විවෘත කිරීමේ උළෙලේදී සිය රංගායතනය රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා ගත් බවට පළ වන වාර්තා අසත්‍ය බව චන්න විජේවර්ධන සහ උපුලි පනීභාර...

https://www.sathhanda.com/2015/10/channa-upuli.html
හම්බන්තොට වරාය විවෘත කිරීමේ උළෙලේදී සිය රංගායතනය රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා ගත් බවට පළ වන වාර්තා අසත්‍ය බව චන්න විජේවර්ධන සහ උපුලි පනීභාරත පවසනවා.
ඔවුන් අද (25) නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ එම උත්සවයේ නර්ථන ප‍්‍රසංගය සඳහා රුපියල් හැට අට ලක්ෂ අසූ අටදහසක මුදලක් පමණක් තමන් අය කරගත් බවයි.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට මහා පරිමාණ දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට ඉකුත්දා තමන් දෙදෙනා කැඳ වූ අවස්ථාවේදී ඊට අදාළ සියලුලේඛන ඉදිරිපත් කළ බවද ඔවුන් සඳහන් කරනවා. තමන් රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා ගනිමින් අක‍්‍රමිකතාවක් සිදුකර ඇතැයි ඇතැම් මාධ්‍ය කළ වාර්තා කිරීම්වලින් තමන් හා චන්න උපුලි රංගායතනය වරදකරුවන් බවට පත්කර ඇතැයිද චන්න විජේවර්ධන සහ උපුලි පනීභාරත පවසනවා.
අදාළ නිවේදනය පහතින්
Related