අවුරුදු 10 අඩු සිසුන් 6ක් අපයෝජනය කල අයෙක් යාපනයෙන් අල්ලයි
යාපනය, උඩුතුරෙයි හින්දු විද්‍යාලයේ වයස අවුරුදු 10 කට අඩු පිරිමි ළමුන් හයදෙනෙකු අපයෝජනයට ලක්කළ විද්‍යාලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ඊයේ (26ද...
https://www.sathhanda.com/2015/10/chiled-molester-arrested-in-paleyi-jaffna.html?m=0
පලෙයි පොලීසිය පැවසුවේ, පිරිමි දරුවෙකු අපයෝජනයට ලක්කළ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි. සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැකකරු වයස අවුරුදු 10 ට අඩු පිරිමි දරුවන් හයදෙනෙකු රවටාගෙන ගොස් අපයෝජනය කොට ඇති බවට හෙළිවී ඇති බවද පොලීසිය සඳහන් කරයි.


Related