ආයුධ පෙන්වා බැංකුව කොල්ල කා සේවකයාත් රැගෙන පලා යයි
දඹුල්ල නගරයේ ඔරලෝසු කනුව ඉදිරිපිට පිහිටි පුද්ගලික බැංකුවක අද උදෑසන මුදල් කොල්ලයක් සිදුවී ඇත. ආයුධ සන්නද්ධව මුහුණ ආවරණය කරගෙන පැමිණි අයෙක...
https://www.sathhanda.com/2015/10/dambulla-bank-robbery.html?m=0
දඹුල්ල නගරයේ ඔරලෝසු කනුව ඉදිරිපිට පිහිටි පුද්ගලික බැංකුවක අද උදෑසන මුදල් කොල්ලයක් සිදුවී ඇත. ආයුධ සන්නද්ධව මුහුණ ආවරණය කරගෙන පැමිණි අයෙක්බැංකු නිලධාරීන් බිය ගන්වා එහිතිබූ රුපියල් ලක්ෂ 7කට අධික මුදල් තොගයක් පැහැර ගෙන පලා ගොස් ඇත. සිද්ධිය පිළිබඳව දඹුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි. පලා යන ගමන් ඔහු බැංකුවේ සේවකයකුද රැගෙන පලාගොස් අතරමග දමා ගොස් තිබේ.


Related