යුධ අපරාධ යාන්ත්‍රණයේ මුලික පිහිටුවීම සඳහා ඩොලර් 3,37,000 ඉක්මනින් ලබාදෙයි
ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී පසුගිය බ්‍රහස්‌පතින්දා සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාව ක්‍රියාත්ම...
https://www.sathhanda.com/2015/10/geneva-court-on-sri-lanka.html?m=0
ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී පසුගිය බ්‍රහස්‌පතින්දා සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 3,37,000 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එම කවුන්සිලය තීරණය කොට ඇත.
ශ්‍රී ලංකා රජයට ඇමරිකානු යෝජනාවේ සඳහන් වගවීම, සංහිඳියාව ඇතුළු කරුණු ගණනාවක් ඉටු කිරීමට වසර 1 1/2 ක කාලයක් ලබා දී තිබෙන අතර ඉහත සඳහන් මුදල ලබා දෙන්නේ එහි පළමු වසරේ වියදම සඳහා ය.
මෙම ඇමරිකානු යෝජනාවේ සඳහන් කරුණු පිළිබඳව සොයා බලා පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පැමිණෙන විදේශීය තාක්‍ෂණ විශේෂඥයන්ගේ හා නීතිඥයන්ගේ වැටුප් හා දීමනා වශයෙන් ගෙවීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මෙම ඇමරිකානු ඩොලර් 3,37,000 මුදල වෙන් කොට තිබේ.


Related