සේයා ඝාතන පරීක්ෂණය නවතම දිශාවකට? කලේ මම නෙමෙයි කොන්ඩයා කියයි

කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළ අපරාධකාරයා මේ වනතුරුත් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකිවීම නිසා මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු අර්බුදකා...

කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළ අපරාධකාරයා මේ වනතුරුත් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකිවීම නිසා මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග පවසයි. සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොණ්‌ඩයා නමැති සැකකරුගේ සොහොයුරාගෙන් ද පැය හැත්තෑදෙකක කාලයක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් පෙරේදා (03 වැනිදා) අවසර ලබාගත්තේය.

මෙම සාහසික ඝාතනය කොණ්‌ඩයා විසින් කළ බවට ඔප්පු කරගත හැකි සාක්‍ෂි කිසිවක්‌ මේ වනතුරු හමු නොවීම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි. සේයා දියණිය ඝාතනය කරනු ලැබුවේ තම සොහොයුරා වන කොණ්‌ඩයා විසින් බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්චාරණයක්‌ කරනු ලැබුවේ රැඳවුම් නියෝග ලබාගෙන සිටින සොහොයුරා විසිනි. පොලිසිය කොණ්‌ඩයා අත්අඩංගුවට ගනු ලැබුවේ මේ තොරතුරු පදනම් කරගෙනය. එහෙත් කොණ්‌ඩයාගේ සොහොයුරාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී ඔහු ලබා දී තිබූ ඇතැම් තොරතුරු ගැටලු සහගත බව රහස්‌ පොලිසියට වැටහී තිබේ.

දැරිය ඝාතනයට මොහුගේද යම් සම්බන්ධතාවක්‌ තිබෙන බවට සැකයක්‌ මතුවී ඇත. ඔහු තම සොහොයුරා වන කොණ්‌ඩයා පාවා දී පොලිසියෙන් ගැලවීමට උත්සාහ කළේද යන්න ගැන ද සැකය මතුවී තිබේ. කොණ්‌ඩයාගේ සොහොයුරු ද කාන්තාවන් ඇසුරට මෙන්ම විකෘති ලිංගික ක්‍රියාවන්ට දැඩි ඇල්මක්‌ දක්‌වන පුද්ගලයකු බව හෙළි වී තිබේ. විවිධ අපරාධ සම්බන්ධයෙන් මොහුද වසර හයකට ආසන්න කාලයක්‌ බන්ධනාගාරගතව සිටි අයෙකි.

කොණ්‌ඩයා විසින් සේයා සදෙව්මි දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණයක්‌ පසුගිය දිනවල මාධ්‍යයට කර තිබුණේ මෙම සොහොයුරා විසින් කොණ්‌ඩයා තමාට කී බවට පොලිසියට කළ ප්‍රකාශ පදනම් කරගෙනය. එම අපරාධය සැකකාර සොහොයුරා එම අන්දමට සිදුකර කොණ්‌ඩයා පිට පැටවීමට උත්සාහ දරන බවට බරපතළ සැකයක්‌ ඊයේ (04 වැනිදා) වන විට මතුවී තිබිණි.

රහස්‌ පොලිසිය භාරයේ සිටින සැකකාර සොහොයුරා අද (05 වැනිදා) ඩී. එන්. ඒ.  පරීක්ෂණයට යොමුකර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොණ්ඩයාගේ ඩී. එන්. ඒ.  පරීක්ෂණ ප්‍රතිපල ලබන 7 වෙනිදා ලබාදීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 993537673341067124

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item