ජලය ඉල්ලුවට බැටන් පහර - 3ක් රෝහලේ
පානීය ජලය ඉල්ලා විරෝධයේ යෙදුනු පිරිසක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ප්රහාරයක් ප්රභල එල්ල කර තිබේ. තමන් බීමට ගන්නා හම්බන්තොට, බ...
https://www.sathhanda.com/2015/10/hambantota-bandagiriya.html?m=0
තමන් බීමට ගන්නා හම්බන්තොට, බඳගිරිය වැවේ ජලය අපවිත්ර වී ඇති බවට බඳගිරිය ප්රදේශවාසීන් විසින් මෙම විරෝධතාවය දියත් කර තිබුනේ තිස්ස, හම්බන්තොට ප්රධාන මාර්ගය හරස් කරමිනි.
පොලීසිය පවසන්නේ මෙම පිරිස විසුරුවා හැරීම සඳහා අවම බලය යෙදවූ බවයි. ප්රදේශවාසීන් කියන්නේ තමනට අමනුෂික ලෙස බැටන් පොලූවලන් පන්න පන්නා පහර දුන් බවයි.
ප්රදේශවාසීන්ද මෙහදී පොලීසියට ප්රතිප්රහාර එල්ල කර ඇති අතර පොලිස් නිලධාරීන් හය දෙනෙක් හා සිවිල් වැසියන් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ. තවත් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.





Related