මට ඇමතිකම දුන්නට මම ඩිජිටල් ගැන දන්නේ නැ - හරින් ප්‍රනාන්දු
"ඩිජිටල්" යන වචනයේ අර්ථය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යධූරය ලබාගන්නා තුරුම තමන් දැන නොසිටි බව අමාත්‍ය හරීන් ප්‍රනා...

https://www.sathhanda.com/2015/10/hareen-fernado.html
ඔහු මේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (19) වැල්ලවාය ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,
"මට දීලා තියෙන්නේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් කියන ඇමැතිකම. මමත් දැනන් හිටියේ නෑ ඩිජිටල් කියන්නේ මොකක්‌ද කියලා. මේ ඇමැතිකම ගන්නකම්. ඇමතිකම ගත්තට පස්‌සේ තමයි හොයලා බැලුවේ. ඩිජිටල් කියන්නේ මොකක්‌ද කියලා.
දැන් තියන තාක්‌ෂණයට අනුව මගේ ෆොන් එකෙන් අද වැල්ලවායට කීයටද වහින්නේ කියලා බලා ගන්න පුළුවන්. දේශගුණය කොහොමද කියලා බලාගන්න පුළුවන්. මේ සියලු ප්‍රවෘත්ති තාක්‌ෂණය හරහා ගන්න පුළුවන්. අපේ අදහස ඉදිරියේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම දරුවන්ට, දෙමාපියන්ට අන්තර්ජාල පහසුකම් හරහා එවැනි දුරකථන පරිගණක ලබාදෙන්නයි."
වර්තමානයේ රටක දියුණුවට අත්‍යවශ්‍ය සධකයක් වන මෙම විෂය සහ රටේසංවර්ධනයට එහි ඇති දායකත්වය ගැන මෙලෝ දෙයක් නොදන්නා මෙවන් ගොබ්බයන් ඇමතිකම් වල සිටින කන් රටේ දියුණුව සිහිනයක්ම පමණය.
වර්තමානයේ රටක දියුණුවට අත්‍යවශ්‍ය සධකයක් වන මෙම විෂය සහ රටේසංවර්ධනයට එහි ඇති දායකත්වය ගැන මෙලෝ දෙයක් නොදන්නා මෙවන් ගොබ්බයන් ඇමතිකම් වල සිටින කන් රටේ දියුණුව සිහිනයක්ම පමණය.
Related