කරාටේ වසන්ත සහ එස් එෆ් ලොකුගේ අතීත ගැටු\ම් මෙහෙමලු
අනුරාධපුර සමාජ ශාලා හිමියෙක් මෙන්ම ප්රකට කරාටේ උපදේශකවරයෙක්ද වන වසන්ත සොයිසා ඝාතනය සිදුකල අපරාධකරු ලෙස සැක කෙරෙන SF ලොකු නොහොත් ඉරෝන් රණසි...
https://www.sathhanda.com/2015/10/karate-wasanthas-murderer-revealed.html?m=0
එස්.එෆ්. ලොකු ඇතුළු පිරිසක් පසුගිය ජුනි මස 29 වනදා මත්පැන් පානයකොට එම සමාජ ශාලාවට ඇතුල් වීමට උත්සාහ කිරීමේදී රුපියල් 86,000 ක ණය බිල්පතක් ගෙවා දැමීමට තිබෙන නිසා සමාජ ශාලාවට ඇතුළු නොවන ලෙස සේවකයන් පවසා තිබේ.
ඒ අවස්ථාවේ වසන්ත සොයිසා සහ SF ලොකු අතර බහින්බස් වීමක් සිදුවී තිබේ. බහින්බස් වීමෙන් අනතුරුව SF ලොකු ඇතුළු පිරිස එම ස්ථානයේ වීදුරු වලට පහරදී අලාභ හානි සිදුකොට ගොස් තිබේ. නැවතත් 30 වනදා රාත්රියේ අලුයම 02:30 ට පැමිණි පිරිස ආරක්ෂක අංශ භාවිතා කරන ජීව අත් බෝම්බ ප්රහාරයක් සමාජ ශාලාවට එල්ලකොට පලාගොස් තිබේ.
SF ලොකු ඇතුළු පිරිස බීමතින් සිටි නිසා එම අත් බෝම්බය එල්ලකිරිමේදී ආරක්ෂිත අගුල හරිහැටි ගලවා ගැනීමට නොහැකිවීවීම නිසා බෝම්බය පුපුරා ගොස නොමැති බව පොලිස් වාර්තා වල සඳහන් වේ.


Related