කරුණා ශ්‍රීලනිපයෙන් ඉවත්වී සංගරීගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට යයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග එක්වීමට ...

https://www.sathhanda.com/2015/10/karuna-amman-joins-tamil-united-liberation-front.html
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමග එක්වීමට තීරණය කර තිබෙනවා. ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා පැවසුවේ විනයාගමූර්ති මුරලිදරන් මෙන්ම තවත් කිහිප දෙනෙකු තම පක්‍ෂය සමග එක්වනු ඇති බවයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ශවකරුවන්ටද තම පක්‍ෂය සමග ඉදිරියේදී එක්විය හැකි බවයි ඔහු සදහන් කළේ. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්ද හෙබවූවා.
Related