මහින්ද හෙට විශේෂ ජනපති කොමිසමට
පසුගිය ජනාධිපතිවරණයේ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්වාධීන රූපවාහිනී සේවයේ වී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ ඉදිරිපත්ව ඇති පැමිණිල්...
https://www.sathhanda.com/2015/10/mahinda-rajapaksa_14.html?m=0
පසුගිය ජනාධිපතිවරණයේ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්වාධීන රූපවාහිනී සේවයේ වී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසම කරන පරීක්ෂණයක සාක්ෂි විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ කැඳවා ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥ මහතුන් අදාළ කොමිසම හමුවට මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ පැමිණෙන බව දන්වා ඇති බව ජනාධිපති විමර්ශන කොමිසමේ ප්‍රධානියෙකු පැවැසීය.
හෙට පෙරවරු 9.00ට පමණ මෙම පිරිස කොමිසමට පැමිණීමට නියමිතය.



Related