විරෝධතා නොසලකයි - මහින්දගෙන් ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බව බරපතළ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව පවසයි. බර...

https://www.sathhanda.com/2015/10/mahinda-rajapaksa_64.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බව බරපතළ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව පවසයි.
බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (16) කැඳවා තිබුණි.
එහිදී කොමිසමේ සංයුතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් විරෝධතා ගොනු කළ අතර ඒ පිළිබඳ තීන්දුව අද ලබාදීමට කොමිසම තීරණය කළේය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ ඇති අතර අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කළ බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා පැවසුවේය.

Related