අලුත් අලුත් බදු - කොළඹට ඇතුල්වන සියලු වාහන වලට බද්දක්
කොළඹ නගරයේ දිනෙන් දින වර්ධනය වන වාහන තදබදයට පිළියමක් ලෙස කොළඹ නගරය තුළ පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාවක් ඇරැඹීමත් නගරයට ඇතුළුවන සියළු මෝ...

https://www.sathhanda.com/2015/10/new-tax-for-colombo-vehicles.html
කොළඹ නගරයේ දිනෙන් දින වර්ධනය වන වාහන තදබදයට පිළියමක් ලෙස කොළඹ නගරය තුළ පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාවක් ඇරැඹීමත් නගරයට ඇතුළුවන සියළු මෝටර් රථවලින් ගාස්තුවක් අය කිරීම පිළිබදවත් මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ.
1985හ වසරේදී දී දිනකට 1,30,000ක් වූ කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව මේ වනවිට 500,000ක් දක්වා වාර්ධනය වී ඇති අතර මාර්ග ධාරිතාවයෙන් සියයට 85ක් කාර්. වෑන්, ත්‍රීරෝද රථ, යතුරු පැදි ඇතුළු පෞද්ගලික වාහන විසින් අත්පත් කරගෙන තිබෙන බවත් සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඊට සමගාමීව කොළඹට ඇතුළුවන බස් රථ සංඛ්‍යාව 32,000 සිට 29,000 දක්වා අඩුවී ඇති අතර සැලකිය යුතු පිරිසක් පොදු ප්‍රවාහන සේවයෙන් ඉවත්වී පෞද්ගලික ප්‍රවාහනයට අනුගතවී ඇති බවත් එම සමීක්ෂණවලින් හෙළිවී තිබේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන පෞද්ගලික වාහනවලින් පැමිණෙන පිරිස් කොළඹ නගරයට ප්‍රවාහනය කිරීම සදහා කඩවත, මොරටුව, මීගමුව පාර හයිලෙවල් පාර යන ප්‍රදේශවල මගී හුවමාරු මෙහෙයුම් මධ්‍යස්ථාන ඇරැඹීම කෙරෙහිද අමාත්‍යංශය කරුණු නිරීක්ෂණය කරන බව එහි ප්‍රකාශකයෙන් සදහන් කළේය.
Related