ද්විත්ව එන්නත නෑ - දෙමාපියන් යහපාලකයන්ට දෙස් දෙවොල් තියති
වයස අවුරුදු පහ සම්පූර්ණ වූ දරුවන්ට ලබා දෙන ද්විත්ව එන්නත මේ වනවිට රජයේ ප්‍රධාන රෝහල් රැසකම නොමැති වීමෙන් බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇති බ...
https://www.sathhanda.com/2015/10/rajitha-senaratne.html
වයස අවුරුදු පහ සම්පූර්ණ වූ දරුවන්ට ලබා දෙන ද්විත්ව එන්නත මේ වනවිට රජයේ ප්‍රධාන රෝහල් රැසකම නොමැති වීමෙන් බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. පිට පළාත්වල රෝහල් රැසකම සායන සඳහා මාසයකට වැඩි කාලයක සිට මෙම එන්නත නොමැති වීම නිසා දරුවන්ට එන්නත් ලබා දීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.
ගලපටලය හා පිටගැස්ම වැළැක්වීම සඳහා මෙම එන්නත දරුවන්ට ලබා දෙන අතර එය නිශ්චිත කාලයකදී ලබා දිය යුතු වේ. සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති පවසන්නේ සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍යවරයකු වුවත් කල් තියා එන්නත් හිඟ වී ඇති තත්වයක් තුළ ඒ සඳහා කඩිනම් පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවයි.
විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය දැඩිව විවේචනය කළ වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට තමන් වගකියන සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ජනතාව අසීරුතාවයකට පත්වන ලෙස කටයුතු කිරීම ජනතාවගේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේද විරෝධයට හේතු වී තිබේ.


Related