සන්ධානයේ විපක්ෂය වෙනම හදිසි සාකච්ඡාවක!
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද(06) පෙරවරුවේ රැස්වී සාකච්ඡා කර තිබේ. මෙම සාකච්ඡාව සඳහා ඩලස් ...

https://www.sathhanda.com/2015/10/sri-lanka-parliament-2015.html
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද(06) පෙරවරුවේ රැස්වී සාකච්ඡා කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් එක්ව සිටි බව වාර්තා වෙයි.
විශේෂයෙන්ම විපක්ෂය නියෝජනය කරන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට ලබාදී ඇති කාලය, මරණ දඞුවම ක්‍රියාත්මක කිරීමට අදාළ කල්තැබීමේ විවාදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
එමෙන්ම අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති මරණ දඞුවම ක්‍රියාත්මක කිරීමට අදාළ කල්තැබීමේ විවාදය, උදය ගම්මන්පිල මහතාට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැන්වීම සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේ දී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.
Related