යහපාලනයෙන් තේ දල්ලට වුනු වියෝයා - තේ ගොවියෝ උද්ඝෝෂණයේ
රජය පොරොන්දු වූ පරිදි තේ දළු මිළට ගැනීමේ ක්‍රියාවලිය හරිහැටි සිදුනොවීම සහ තේ දළු මිළ පහළ යෑම පිළිබඳව විරෝධය පාමින් අකුරැස්ස – දෙනියාය ප්‍රධ...
https://www.sathhanda.com/2015/10/sri-lanka-tea-price_13.html?m=0
රජය පොරොන්දු වූ පරිදි තේ දළු මිළට ගැනීමේ ක්‍රියාවලිය හරිහැටි සිදුනොවීම සහ තේ දළු මිළ පහළ යෑම පිළිබඳව විරෝධය පාමින් අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ මොරවක බස්නැවතුම් පොළ ඉදිරිපිට අවහිර කරමින් කුඩා තේවතු හිමියන්ගේ සමිති සම්මේලනය අද (12) විරෝධතාවයක් පැවැත්වූවා.
අමු තේ දලු කිලෝවක සාමාන්‍ය මිල මේ වන විට රුපියල් පනස්තුනක මට්ටම දක්වා පහත යැම නිසා තමන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බවයි එම පිරිස් සදහන් කරන්නේ.
ජාත්‍යන්තර තේ වෙළෙඳ පොළේ මිල පහළ යෑම මීට හේතු වී ඇති අතර රජය වහා මැදිහත්වී තේ කර්මාන්තය හා තේ ගොවීන් ආරක්ෂා කිරීමට යම් කිසි වැඩපිළිවෙළක් සකසන ලෙස ඉල්ලිමක් කරමිනුයි ඔවුන් මේ විරෝධතාවය පැවත්වූයේ.


Related