සන්ධාන ජාතික ලැයිස්තුව තව පොටකින් හිරවෙයි - තව පෙත්සමක් අධිකරණයට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ පත්වීම් අහෝසි කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් නාගානන්ද කොඩිතුවක්...
https://www.sathhanda.com/2015/10/upfa-national-list.html
ජාතික ලැයිස්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්වාදුන් 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයක් මගින් සම්මත වී නොමැති බව පෙත්සම්කරු පවසයි.
එවැනි සංශෝධනයක් නීතියක් ලෙස පිළිගත නොහැකි බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
එසේ නීතියක් වශයෙන් සම්මත නොවූ ජාතික ලැයිස්තුවක් හරහා සිදුකරන පත්කිරීම් නීති විරෝධී බව පවසන පෙත්සම්කාර නීතීඥවරයා එබැවින් අදාළ ජාතික ලැයිස්තුව සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමේ තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.


Related