වෙලේ සුදා නිසා බන්ධනාගාර නියාමකරුවන් 14 දෙනකුගේගේ වැඩ තහනම්
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදාගෙන් දුරකථනය හරහා ‘ඊසි කෑෂ්’ ක්‍රමයට අල්ලස් මුදල් ලබාගත් බවට හෙළි වූ බන්ධනාගාර නියාමකරු...
https://www.sathhanda.com/2015/10/wele-suda.html
රහස් පොලිසිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා දුන් නාම ලේඛනයකට අනුව වෙලේ සුදාගෙන් අල්ලස් මුදල් ලබා ගත් බන්ධනාගාර නියාමකවරුන් 17 දෙනකුගේ නම් සහ අනෙකුත් විස්තර ලද බවත් ඒ අනුව ඉන් තොරතුරු සඳහන් දැනට සේවයේ සිටින බන්ධනාගාර නියාමකරුවන් 14 දෙනාගේ සේවාව මෙලෙස අත්හිටවා ඇත.
වෙලේ සුදා විදේශගතව සිටින කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වා ගෙන යාම සඳහා ‘ඊෂි කෑෂ්’ ක්‍රමයට දුරකථන අංක 174කට රුපියල් මිලියන ගණන් මුදල් යවා ඇතැයි රහස් පොලිසිය ඉකුත් සැප්තැම්බර් 21 වැනි දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවේ අනාවරණය කර තිබුණි.
මොවුන් සිදුකළ මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් විනය පරීක්ෂණයක් සිදු කරන බවත් ඊට අමතරව මොවුන් සියලු දෙනාගේ නම් සහ විස්තර අල්ලස් කොමිසමට ඉදිරියේදී භාරදීමට කටයුතු කරන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

