සමලිංගිකයන් ලංකා නීතියෙන් පිළිගැනීමේ සූදානමක්?
තම බටහිර හාම්පුතුන්ගේ උවමනාව පරිදි රට පාවාදීමේ මෙහෙයුමක් දියත් කරන මේ ආණ්ඩුව තවත් පැත්තකින් සමලිංගිකයන් නීතියෙන් පිළිගැනීම වැනි ක්‍රියා සිද...

https://www.sathhanda.com/2015/10/wimal-weerawansa-media.html
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී විමල් වීරවංශ මේ බව පැවසූවේ පසුගිය දා පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
වීරවංශ මහතා එහි දී මෙසේ අදහස් පළ කළේය.
"පසුගියදා එක්සත් ජනපද USAID ව්‍යාපෘතිය මගින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ වැඩමුළුවක් සංවිධානය කොට තිබුණා. ඊට රාජ්‍ය නොවන සංවිධාන 10ක පමණ නියෝජිතයන් සහභාගි වුණා. ඉන්දියාවෙන් පැමිණි අජිත් නම් අයකු මෙම වැඩමුළුව මෙහෙයවා තිබුණා. ඒ වගේම එක්සත් ජනපද USAID නිලධාරීන් පිරිසක් ද මීට සහභාගී වී තිබුණා.
සමලිංගිකයන් නීතියෙන් පිළිගැනීමට ශ‍්‍රී ලංකා රජයට බලකිරීම තමයි මෙම වැඩමුළුවේ අරමුණ වී ඇත්තේ. අපි මෙතැනදී කතා කරන්නේ තනි තනි පුද්ගලයන්ගේ රුචි අරුචිකම් ගැන නොවෙයි. 'USAID සංවිධානයට ඕනෑ විදිහට ද අපේ රටේ නීතිය වෙනස් විය යුත්තේ?’ කියන ප‍්‍රශ්නයයි මෙතැන තියෙන්නේ. අද ඇරඹී තියෙන්නේ මේ රට හැම පැත්තකින්ම දුර්වල කරලා බටහිර බලවතුන්ට ගිල ගැනීමට ඉඩකඩ සලසා දීමේ මෙහෙයුමක්. අපි මාධ්‍යවේදී සහෘදයන්ගෙන් ඉල්ලා සිටිනවා ‘ජාතියේ අනාගතයට බලපාන මේ දුර්දාන්ත ක‍්‍රියා පිළිවෙත රටට හෙළි කරන්න පෙරට එන්න’ කියලා."
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති වීරකුමාර දිසානායක, ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රොජර් සෙනෙවිරත්න ද එක්ව සිටියහ.
Related