පක්‍ෂ නායක රහස් හමුවක්. පිල් මාරුව සූදානම්. ආණ්ඩුව පෙරලෙන්න යයි ?
වත්මන් ආණ්‌ඩුව පෙරළා දමා නව ආණ්‌ඩුවක් පිහිටුවීමට එකිනෙකට එරෙහි බලවේග දෙකක් මේ දිනවල වෙන වෙනම සාකච්ඡා අරඹා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්...

https://www.sathhanda.com/2015/11/blog-post_47.html
ජනාධිපතිවරයාගේ සිත දිනා සිටින එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත්වූ රජයේ බලවත් ඇමැතිවරු දෙදෙනෙක් සමග එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ නායකයෙක් මේ එක් සාකච්ඡාවකට මුල්වී ඇති අතර එක්‌සත් ජාතික පක්‍ෂයෙන් කලකිරී සිටින තරුණ මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිගත් මැති ඇමැතිවරු සැලකිය යුතු පිරිසක් දැනට මේ සාකච්ඡාව තුළ ගොනුවී සිටිතැයි ආරංචි මාර්ග පවසයි.
මේ සාකච්ඡාව සිදුවන බව කල්තියා වටහාගත් වත්මන් අගමැතිවරයා නියෝජනය කරන එක්‌සත් ජාතික පක්‍ෂයේ බහුතර පාර්ශ්වය ද එම අනතුරෙන් ගැලවී, දිගින් දිගටම රජය රැක ගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී විරෝධී කණ්‌ඩායම සමග වෙනම සාකච්ඡාවක්‌ද පවත්වමින් සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් කරුණු හෙළිදරව් කර සිටියි.
දැනට මෙම පාර්ශ්ව දෙක එකිනෙකාට රහසිගතව බිම් මට්‌ටමේ මූලික සාකච්ඡා වාර කිහිපයක් පවත්වා ඇති අතර ඒවායේ සාර්ථකත්වය මත නුදුරේදීම ඒ ඒ පාර්ශ්ව වල නායකයෝ එකිනෙකා හා හමුවීමටද නියමිත බව ආරංචි මාර්ග කියා සිටිති.
Related