බෝම්බය කැකිරාව කළඹයි
කැකිරාව නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (11) සිදු වූ පිපිරීමකින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය ...

https://www.sathhanda.com/2015/11/blog-post_48.html
අත් බෝම්බයක් රැගත් පුද්ගලයෙකු බැංකුව කොල්ලකෑම සඳහා ඊට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී ඔහු නැවැත්වීමට බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු උත්සාහ කර තිබේ.
එහි දී මෙම පිපිරීම සිදු ව ඇති අතර අත් බෝම්බය රැගත් පුද්ගලයා මෙන්ම ආරක්ෂක නිලධාරියා ද පිපිරීමෙන් මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. තුවාලකරුවන් කැකිරාව රෝහලේ ප්‍රතිකාර ලබයි.
Related