රනිල් - මෛත්‍රී හවුල බදුබර පටවලා - සුහද කොක්කු කිඹුල් කඳුළු හෙලයි
රනිල් - මෛත්‍රී හවුල මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් නැතිකරන්න හදනවා යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ චෝදනා...

https://www.sathhanda.com/2015/11/blog-post_79.html
රනිල් - මෛත්‍රී හවුල මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් නැතිකරන්න හදනවා යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ චෝදනා කරයි.
අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මෙවර අය වැයෙන් අල, ලූනු බදු සොච්චමක් අඩු කර වැඩ කරන ජනතාව සම්පූර්ණයෙන් රැවටීමට ලක් කර ඇති බවයි.
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපත් නැති කර දැමීමට එමගින් සැලසුම් ඉදිරිපත් කර ඇති බවත්, ඡන්දේ කාලේට පමණක් වටිනා වතු සේවකයින් අය වැයෙන් අමතක කර ඇති බවත්, හෙතෙම පැවසීය.
අගමැතිගේ කලින් ආණ්ඩුවේ “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ මෙවර අය වැයෙන් යළි විකුණමු ශ්‍රී ලංකා ලෙස ගෙනැවිත් ඇති බව ඔහු කියා සිටියේය.
ඒ නිසා මෙය යහපාලනය නොව වහපාලනය බවද මෙම අය වැය ලේඛනය පරාජය කිරීමට කැපවන බවද ඔහු කීවේය.
Related