දිවිනැගුම සල්ලි අවභාවිත වී නෑ - නඩු පවරන්න දෙයක් නැ - එස්.බී.
2014 නොවැම්බර් 02 සිට නොවැම්බර් 09 දක්වා දින හතක කාලය තුළ ජනාධිපතිවරණය වෙනුවෙන් දිවි නැගුම අරමුදලේ රුපියල් කෝටි 300 ක මුදලක් අවභාවිත කර...
https://www.sathhanda.com/2015/11/divi-naguma-sb.html?m=0
2014 නොවැම්බර් 02 සිට නොවැම්බර් 09 දක්වා දින හතක කාලය තුළ ජනාධිපතිවරණය වෙනුවෙන් දිවි නැගුම අරමුදලේ රුපියල් කෝටි 300 ක මුදලක් අවභාවිත කර නැතැයි සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධක ඇමැති එස්. බී. දිසානායක ඊයේ (03) පාර්ලිමේන්තුවේදී කීවේය.
එවැනි අවභාවිත වීමක් සිදුව නැති නිසා වගකිව යුත්තන් සම්බන්ධව නඩු පැවරීමක් සිදුකර නැතැයි කී දිසානායක මහතා රුපියල් කෝටි 300 ක් දිවි නැගුම අරමුදලට අහිමි වීමේ සිද්ධියක් නොමැති නිසා ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ප්‍රකාශ කළේය.
ඉහත දින හත තුළදී මූල්‍ය අවභාවිතාවක් සිදුව නැති නිසා ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය නැති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


Related