Hutch වෙතින් ස්මාර්ට් ෂෙයාර් සේවාව
Hutch ශ්‍රීලංකාවේ මුල් වරට සිය පාරිභෝගිකයින් සඳහා SmartShare පහසුකම් හඳුන්වා දෙයි. Hutch ස්මාර්ට්ෂෙයාර් ලෙස නම් කර ඇති මෙම පහසුකම යටතේ...

https://www.sathhanda.com/2015/11/hutch.html
විවිධ උපාංග සඳහා වෙනම Data ටොප් අප් කිරීම්දී මුහුණ දෙන දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.
ගතවු වසර දෙක තුළ 3G උපාංග භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඊට හේතුවී ඇත්තේ උපාංග සහ සේවාවල මිළ ගණන් පහළ යාමයි. මේ නිසා මේ වන විට එක් පුද්ගලයෙක් සතුව අන්තර්ජාල සේවා සඳහා පරිහරණය කරන ස්මාර්ට්ෆෝනයක්, ටැබ් පරිගණකයක්, ඩොංගලයක් , ස්මාර්ට් ටීවී , සහ අන්තර් ජාල ක්‍රීඩා උපකරණ ආදී උපාංග කිහිපයක් පවතියි.
මෙම උපාංග සඳහා වෙන් වෙන් වශයෙන් කලට වේලාවට ටොප් අප් කර ගැනීම ද , මේවායේ ඇති ඩේටා වල කල් ඉකුත් වීමේ දිනයන් වෙන වෙනම මතක තබා ගැනීමද අසීරු වු කරුණකි.
මෙම පවතින ගැටළුවලට පිලියම් වශයෙන් SmartShare පහසුකම් හඳුන්වා දී තිබේ. මෙහිදී එකම අංකයකින් තමන්ට අවශ්‍ය පරිදි සිම්පත් කිහිපයක් අතර ”ඩේටා ෂෙයාර්”කළ හැකි අතර ඒවා තම ජංගම දුරකථනය,ටැබ් පරිගණකය හෝ ඩොංගලය සඳහා භාවිත කළ හැකි වෙයි. මෙම Hutch SmartShare පහසුකම ලබාගැනීම සඳහා කිසිදු අමතර ගෙවීමක් සිදු නොකළ යුතු අතර අමතර මාසික ගාස්තු ගෙවීමක් හෝ ක්‍රියාත්මක කිරීමේ ගාස්තු ගෙවීමක් සිදු කළ යුතු නැත.
Related