ලෝකේ කොහෙවත් නැති පනත් ගෙනල්ලා සම්මත කරන්න හදලා පාර්ලිමේන්තුව උණුසුම් - දිනේෂ් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සභාගැබෙන් ඉවත් වෙයි
මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බදු පිළිබඳ පනත විවාදයට ගැනීම නීත්‍යනුකූල නොවන බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍ර...
https://www.sathhanda.com/2015/11/sri-lanka-parliament.html?m=0
අදාළ විෂයන් අනුමත කිරීම නීත්‍යනුකූල නොවන යෝජනාවක් බවත්, මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අයාළේ යැවිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
මෙහිදී ආණ්ඩු පක්ෂයෙන් කරුණු දක්වමින් විජයදාස රාජපක්ෂ, ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන් පැවසුවේ, මෙම පනත පිළිබඳ යෝජනාව විවාදයට ගතහැකි බවයි. පසුව මේ පිළිබඳ නීතිපතිවරයාගේ මතය දැක්වූ ලියමනක්ද කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
කරුණු දැක්වීම්වලින් පසුව දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය සභාගැබෙන් ඉවත් විය.
කෙසේවෙතත් අදාළ පනත විවාදයට ගැනීමට කථානායකවරයා අවසර ලබාදුන්නේය.


Related