දුම්රිය රියදුරු බීමත්ව දුම්රිය තුළ ඇදවැටෙයි - රියදුරු නොමැතිව මගීන් සමග දුම්රිය යයි (VIDEO)
රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දීර්ඝ වේලාවක් නවතා තැබීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක්ද හට ගෙන තිබේ. පස්වරු 6...

https://www.sathhanda.com/2015/11/video_24.html
පස්වරු 6.35ට කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී හදිසියේ නතර කර තිබේ.
කෙසේ වෙතත්, දුම්රියෙහි ගමන් ගත් මගීන් පවසන්නේ දුම්රියේ රියදුරා බීමත්ව සිටීම නිසාවෙන් දුම්රිය නතර කර තිබූ බවයි.
දුම්රිය රියදුරාට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දුම්රිය නතර කළ බව දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ පිළිබද විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ දුම්රියේ රියදුරා බීමත්ව ඇති බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව රියදුරා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොලිස් නිලධාරීන් රැගෙන ගිය බවයි.
අදාළ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ සිරවී තිබීම හේතුවෙන් දුම්රිය රැසක ධාවන කටයුතු නැවතී තිබූ අතර පසුව වෙනත් දුම්රියක රියදුරෙකු ආධාරයෙන් දුම්රිය ගමන් කරවීමට කටයුතු කර ඇත.
පස්වරු 6.35ට කොළඹ කොටුවෙන් පිටත්ව ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියක රියදුරු ප්‍රකෘර්ති තත්වයෙන් නොසිටීම හේතුවෙන් මහා විනාශයක් සිදුවන්නට ගොස් ඇත. බීමත් රියදුරු එන්ජිම තුළ ඇදවැටී සිටි බව මගීන් පවසයි.
මන්දගාමී දුම්රිය- එඬේරමුල්ල සහ හොරපේ දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කර ඇත. රාගම දුම්රිය ස්ථානයේ දී දුම්රිය නවතාගෙන ඇත්තේ ගාඩ්වරුන් විසිනි.
දුම්රිය රාගම දී නැවතී ඇත්තේ ද සීමාවේ නොවේ. පසුව මගීන් කළ සොයා බැලීමේ දී දක්නට ලැබුණේ රියදුරුට නින්ද ගොස් ඇති බවකි. ඔහු අධික ලෙස මත්පැන් පානය කර ඇති බවද අනාවරණ විය.
මේ අතර මගීන්ට දැනගන්නට ලැබී ඇත්තේ තවත් උප රියදුරෙකු හෝ නියාමකවරයෙකු ද බීමත්ව සිට ඇති අතර ඔහු කැළණියේ දී බැස ගොස් ඇති බවයි.
මගීන් පිරිසක් බීමත්ව සිටි දුම්රිය රියදුරුට පහර දී ඇතැයි පොලිසිය පවසයි.
නොසන්සුන්තාවට පත් එහි සිටින මගීන් චෝදනා කරනුයේ, මෙම සිද්ධිය වෙනතකට හැරවීමට දුම්රිය දෙපාර්තමේන්තු ඇතැම් ඉහල නිලධාරීන් කටයුතු කරන බවයි.
Related